Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 36:5 - Sinhala Revised Old Version

5 යුද්ධයට නුවණත් බලයත් ඇතැයි යන නුඹේ කීම හිස් වචනය. ඉතින් නුඹ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාස කරගෙනද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 යුද්ධයෙහි බලයත්, දක්ෂකමත්, උපායත් වෙනුවට කතාව පමණක් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? මට විරුද්ධ ව කැරලි ගසන්න ඔබට උපකාර වන්නේ කවුරු ද කියා ඔබ සිතන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 යුද්ධයෙහි බලයත්, දක්ෂකමත්, උපායත් වෙනුවට කතාව පමණක් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? මට විරුද්ධ ව කැරලි ගසන්න ඔබට උපකාර වන්නේ කවුරු ද කියා ඔබ සිතන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 36:5
8 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේද ඔහු හා සමඟ සිටිසේක; ඔහු ගිය ගිය තැන සමෘද්ධවිය. ඔහු අෂූර්හි රජුට විරුද්ධව කැරළි ගසා, ඔහුට සේවය නොකොට සිටියේය.


නුමුත් ඔහු අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්ට තමාගේ තානාපතියන් මිසරයට යැවීමෙන් ඔහුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු සඵලවේද? මෙබඳු දේ කරන්නා ගැළවේද? ගිවිසුම කඩකරලාත් ඔහු ගැළවෙනවා ඇද්ද?


මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමනතුරු උන්වහන්සේගේ උදහස නිසා යෙරුසලමටත් යූදාටත් මෙසේ සිද්ධවිය. ශෙදෙකියාද බබිලෝනියේ රජුට විරුද්ධව කැරළිගැසුවේය.


ඔහුගේ දවස්වලදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් පැමිණියේය, යෙහෝයාකිම්ද තුන් අවුරුද්දක් ඔහුට සේවයකොට පසුව ඔහුට විරුද්ධව කැරළිගැසුවේය.


යුද්ධය පිණිස මන්ත්‍රණයද බලයද තිබේයයි නුඹ කියන්නෙහිය. නුමුත් ඒවා හිස් වචනය. ඉතින් නුඹ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාසකරගනද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්