2 රාජාවලිය 19:37 - Sinhala Revised Old Version තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රයෝ වන අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා, අරාරාත් දේශයට පලාගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ වුණේය. Sinhala New Revised Version තවද, ඔහු තමාගේ දෙවි නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාර කරද්දී ඔහුගේ පුත්‍රයන් වන අද්‍රම්මෙලෙක් ද ෂරෙශෙර් ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට පලා ගියහ. ඔහුගේ පුත් ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ විය. Sinhala New Revised Version 2018 තවද, ඔහු තමාගේ දෙවි නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාර කරද්දී ඔහුගේ පුත්‍රයන් වන අද්‍රම්මෙලෙක් ද ෂරෙශෙර් ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට පලා ගියහ. ඔහුගේ පුත් ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ විය. |
අව්විවරු නිබ්හස්ද තර්තාක්ද යන දෙවිවරුන් සෑදුවෝය, සෙපර්විවරුද සෙපර්වයිමේ දෙවිවරුන්වූ අද්‍රම් මෙලෙක් සහ අනම්මෙලෙක් සඳහා තමුන්ගේ දරුවන් ගින්නෙන් දැවුවෝය.
ස්වාමීන්වහන්සේ සැබවින් අප ගළවාගන්නසේකැයි කියාද මේ නුවර අෂූර්හි රජු අතට අසුවෙන්නේ නැත කියාද ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලා විශ්වාසකරවන්ටත් ඉඩනාරින්න.
ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේය; ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසුවවත් ඔහුට ප්‍රථමවත් යූදාහි සියලු රජුන් අතරේ නොසිටියේය.
නුඹලා යූදාහි රජවූ හෙසකියාට මෙසේ කියන්න–අෂූර්හි රජු අතට යෙරුසලම අසුනොවන්නේය කියා නුඹ විශ්වාසකරන නුඹේ දෙවියන්වහන්සේට නොරැවටෙන්න.
මක්නිසාද ඉතිරි ගණනක් යෙරුසලමෙන්ද මිදුණ ගණනක් සියොන් කන්දෙන්ද නික්මෙනවා ඇත. ස්වාමීන්වහන්සේගේ ජ්වලිතකම මෙය ඉෂ්ටකරන්නේය.
ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි නුඹලාගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය.
නුඹලා මාගේ අතින් ගළවන්ට නුඹලාගේ දෙවියන්ට පුළුවන්වෙන ලෙස, මාගේ පියවරුන් විසින් සිඳදැමූ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරුන් අතරෙන් තමාගේ සෙනඟ මාගේ අතින් ගළවන්ට කාට පුළුවන්වීද?
මනුෂ්‍ය අත් වැඩ වන පොළෝ ජනයන්ගේ දෙවිවරුන් ගැන කථාකරන්නාක් මෙන් යෙරුසලමේ දෙවියන්වහන්සේ ගැන කථාකළෝය.
එවිට ස්වාමීන්වහන්සේ දේවදූතයෙකු එවූසේක, ඔහු අෂූර්හි රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධකාරයන්ද ප්‍රධානීන්ද අධිපතීන්ද සිඳදැමුවේය. මෙසේ ඔහු ලජ්ජා මුහුණින් යුක්තව තමාගේ දේශයට හැරීගියේය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාට දාව උපන් තැනැත්තෝ එහිදී ඔහු කඩුවෙන් මැරුවෝය.
සෙරුබ්බාබෙල්ද පියවංශවල ප්‍රධානීන්ද ළඟට ඇවිත් ඔවුන්ට කථාකොට: නුඹලා හා සමඟ මාලිගාව ගොඩනගන්ට අපට ඉඩදෙන්න. මක්නිසාද නුඹලා සේම අපිත් නුඹලාගේ දෙවියන්වහන්සේ අදහමුව; මෙතැනට අප ගෙනාවාවූ අෂූර්හි රජවූ ඒසර්-හද්-දොන්ගේ කාලයේ පටන් අපි උන්වහන්සේට පූජාකරන්නෝව සිටිමුයයි කීවෝය.
දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.