Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 18:5 - Sinhala Revised Old Version

5 ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේය; ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසුවවත් ඔහුට ප්‍රථමවත් යූදාහි සියලු රජුන් අතරේ නොසිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේ ය. ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසු වත්, ඔහුට පෙර වත් ජුදාහි සියලු රජුන් අතරේ නොසිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේ ය. ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසු වත්, ඔහුට පෙර වත් ජුදාහි සියලු රජුන් අතරේ නොසිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 18:5
20 හුවමාරු යොමු  

මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද තමාගේ මුළු ශක්තියෙන්ද ස්වාමීන්වහන්සේ වෙතට හැරුණාවූ ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන්වත් ඔහුට පසුවවත් නොසිටියේය.


නුඹලා යූදාහි රජවූ හෙසකියාට මෙසේ කියන්න–අෂූර්හි රජු අතට යෙරුසලම අසුනොවන්නේය කියා නුඹ විශ්වාසකරන නුඹේ දෙවියන්වහන්සේට නොරැවටෙන්න.


ඔහු දෙවියන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නේය; උන්වහන්සේ ඔහුට ප්‍රිය වනසේක්නම් දැන් ඔහු මුදාහරිනසේක්වා. මක්නිසාද–මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි ඔහු කීවේයයි කීවෝය.


එසේ වුණේ ක්‍රිස්තුස්වහන්සේ තුළ පළමුවෙන් බලාපොරොත්තුවුණාවූ අප උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිසය.


සේනාවල ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසයකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.


එහෙත් මම වනාහි ඔබගේ කරුණාව විශ්වාසකෙළෙමි; මාගේ සිත ඔබගේ ගැළවීමෙහි ප්‍රීති වන්නේය.


උන්වහන්සේ මා මරනවා ඇත; මට බලාපොරොත්තුවක් නැත්තේය; එහෙත් උන්වහන්සේ ඉදිරිපිට මාගේ මාර්ග හරි බවට ඔප්පුදෙන්නෙමි.


මින්පසු යූදාහි රජවූ යෙහෝෂාපාට් ඉතා දුර්ජන ලෙස හැසුරුණු ඉශ්‍රායෙල් රජවූ අහසියාට එකතුවුණේය.


ඔව්හු අලුයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට නුඹලා ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට නුඹලා සඵලවන්නහුයයි කීවේය.


ආසා තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට ස්වාමීන්වහන්ස, බලසම්පන්න අයත් බෙලහීන අයත් අතරේ පිහිට වෙන්ට ඔබ හැර කිසිවෙක් නැත්තේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපට පිහිටවුවමැනව; මක්නිසාද අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබගේ නාමයෙන් මේ සමූහයාට විරුද්ධව ඇවිත් සිටිමුව. ස්වාමීන්වහන්ස, ඔබ අපේ දෙවියන්වහන්සේය; ඔබට විරුද්ධව මනුෂ්‍යයා ජය නොගනීවයි කීවේය.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි අපි විශ්වාසකරමුයයි නුඹ සමහර විට මට කියනවා ඇත. නුමුත්: නුඹලා මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි හෙසකියා යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා පහකරදැමුවේ උන්වහන්සේගේ උස් තැන් හා පූජාසන නොවේද?


අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කළ බව සිහිකළ මැනවයි කියා තදින් ඇඬුවේය.


එවිට රබ්-ෂාකේ ඔවුන්ට කථාකොට: අෂූර්හි රජවූ මහරජ්ජුරුවෝ මෙසේ කියන්නාහ–නුඹ විශ්වාසය තබන ඔය දේ කිමෙක්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්