2 රාජාවලිය 15:10 - Sinhala Revised Old Version යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට සෙනඟ ඉදිරියේ ඔහුට පහරදී මරා, ඔහු වෙනුවට රජවුණේය. Sinhala New Revised Version ජාබෙශ්ගේ පුත් ෂල්ලුම් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට සෙනඟ ඉදිරියේ ඔහුට පහර දී මරා, ඔහු වෙනුවට රජ විය. Sinhala New Revised Version 2018 ජාබෙශ්ගේ පුත් ෂල්ලුම් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට සෙනඟ ඉදිරියේ ඔහුට පහර දී මරා, ඔහු වෙනුවට රජ විය. |
ඔහුගේ සේවකයෝ වන ෂිමෙයාත්ගේ පුත්‍රවූ යෝසාඛාර්ද ෂොමෙර්ගේ පුත්‍රවූ යෙහෝසාබාද්ද ඔහුට පහරදී මැරුවෝය; ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝය. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.
මිනිස්සු ඔහුට විරුද්ධව යෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා,
එවිට ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් තිර්ශා සිට පිටත්වී සමාරියට ඇවිත් යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ට සමාරියේදී පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය.
ඔහුගේ රථාධිපතියාවූ රෙමලියාගේ පුත්‍රවූ පෙකා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මනුෂ්‍යයන් පනස්දෙනෙකුන් කැඳවාගෙන ඇවිත්, සමාරියෙහි රජගෙයි බලකොටුවේදී ඔහුටත් අර්ගොබ්ටත් අරියාටත් පහරදී මරා ඔහු වෙනුවට රජ වුණේය.
උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ විසිවෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා රෙමලියාගේ පුත්‍රවූ පෙකාට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුට පහරදී මරා ඔහු වෙනුවට රජවුණේය.
ඔහු තමාගේ පියවරුන් කළාක්මෙන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඔහු ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නූණේය.
නුමුත් යේහු මුළු ශක්තියෙන් දුන්න ඇද යෝරාම්ගේ බාහු දෙක අතරට විද්දේය, ඊගහ වනාහි ඔහුගේ හෘදයෙන් පිටවුණේය, ඔහු රථයෙහි වැටුණේය.
යේහු දොරටුවෙන් ඇතුල්වෙන විට ඈ කථාකොට: ස්වකීය ස්වාමියා මැරූ සිම්රි, නුඹ සමාදානයෙන්දැයි ඇසුවාය.
ඔවුන් සියල්ලෝම උදුනක් මෙන් රත්වී, තමුන්ගේ විනිශ්චයකාරයන් නාස්තිකරති; ඔවුන්ගේ සියලු රජවරු වැටුණෝය. මට අඬගසන කෙනෙක් ඔවුන් අතරෙහි නැත.
ඔව්හු මාගේ කැමැත්ත නැතුව රජවරුන්ද මා විසින් පිළිනොගත් අධිපතීන්ද පත්කරගත්තෝය. ඔව්හු සිඳදමනු ලබන ලෙස තමුන්ගේ රන් රිදීවලින් දේවරූප සාදාගත්තෝය.
ඊසාක්ගේ උස්තැන් නාස්තිවන්නේය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධස්ථාන පාළුවන්නේය; මම යෙරොබොවම්ගේ වංශයට විරුද්ධව කඩුවක් ඇතුව නැගිටින්නෙමියි කීසේක.