Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 12:21 - Sinhala Revised Old Version

21 ඔහුගේ සේවකයෝ වන ෂිමෙයාත්ගේ පුත්‍රවූ යෝසාඛාර්ද ෂොමෙර්ගේ පුත්‍රවූ යෙහෝසාබාද්ද ඔහුට පහරදී මැරුවෝය; ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝය. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔහුගේ සේවකයන් වන ෂිමෙයාත්ගේ පුත් ජෝශාකාර් ද ෂොමෙර්ගේ පුත් ජෙහෝශාබාද් ද ඔහුට පහර දී මැරුවෝ ය. ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝ ය. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඔහුගේ සේවකයන් වන ෂිමෙයාත්ගේ පුත් ජෝශාකාර් ද ෂොමෙර්ගේ පුත් ජෙහෝශාබාද් ද ඔහුට පහර දී මැරුවෝ ය. ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝ ය. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 12:21
12 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් රජු යෝවාහාස්ගේ පුත්‍රවූ යෝවාෂ්ගේ දෙවෙනි අවුරුද්දේදී යූදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශියා රජවුණේය.


අහසියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෝවාෂ්ගේ විසිතුන්වෙනි අවුරුද්දේ යේහුගේ පුත්‍රවූ යෙහෝවාහාස් සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී දහහත් අවුරුද්දක් රජකම් කෙළේය.


ඔහු බොහෝ තුවාලවී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගියාට පසු, ඔහුගේ සේවකයෝ පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයන්ගේ ලේ ගැන ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුගේ ඇඳේදී ඔහු මැරුවෝය, මෙසේ ඔහු මළේය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළ නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝය.


දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය, ඊට දාවිත්ගේ නුවරයයි නම් කෙළේය. දාවිත් මිල්ලෝ පටන් වටකරින්ද ඇතුළතින්ද ගොඩනැගුවේය.


තවද ඉස්සාඛර් වංශයේ අහියාගේ පුත්‍රවූ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයකොට, නාදාබ් සහ සියලු ඉශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන් වටලාගන සිටින අතර එහිදී ඔහුට පහරදුන්නේය.


මෙසේ නිම්ෂීගේ පුත්‍රවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යේහු යෝරාම්ට විරුද්ධව කුමන්ත්‍රණයකෙළේය. (එකල යෝරාම්ද සියලු ඉශ්‍රායෙල්වරුද සිරියේ රජවූ හසායෙල් නිසා රාමොත්-ගිලියද් මුරකරමින් සිටියෝය.)


යූදාහි රජවූ අහසියා ඒ දැක උයනේ ගේ මගින් පලාගියේය. යේහු ඔහු පස්සේ එළවාගනගොස්: ඔහුටත් රථයේ සිටින විට පහරදෙන්නැයි කීවේය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගුර් නම් ගොඩැල්ලේදී ඔහුට පහරදුන්නෝය. ඔහු මෙගිද්දෝට පලාගොස් එහිදී මළේය.


පසුවදා උදෑසන ඔහු පිටතට ගොස් සිටගන මුළු සෙනඟට කථාකොට: නුඹලා ධර්මිෂ්ඨයෝය. මම මාගේ ස්වාමියාට විරුද්ධව කුමන්ත්‍රණය කොට ඔහු මැරීමි; නුමුත් මොවුන් සියල්ලන් මැරුවේ කවුද?


තවද රජකම ඔහු අතේ ස්ථිරවූ කෙණෙහිම ඔහු තමාගේ පියරජු මැරුවාවූ තමාගේ සේවකයන් මැරුවේය.


මිනිස්සු ඔහුට විරුද්ධව යෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා,


යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට සෙනඟ ඉදිරියේ ඔහුට පහරදී මරා, ඔහු වෙනුවට රජවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්