Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 14:19 - Sinhala Revised Old Version

19 මිනිස්සු ඔහුට විරුද්ධව යෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 මිනිසුන් ඔහුට විරුද්ධ ව ජෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළහ. ඔහු ලාකීෂ් නම් ස්ථානයට පලා ගියේ ය. එහෙත්, ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහි දී ඔහු මරා

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මිනිසුන් ඔහුට විරුද්ධ ව ජෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළහ. ඔහු ලාකීෂ් නම් ස්ථානයට පලා ගියේ ය. එහෙත්, ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහි දී ඔහු මරා

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 14:19
17 හුවමාරු යොමු  

ලිබ්නාහි සිට යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලාකීෂ්ට ගොස්, එය ඉදිරිපිට කඳවුරු බැඳ, ඊට විරුද්ධව යුද්ධකෙළේය.


අහෝ ලාකීෂ්හි වාසයකරන්නිය, ශීඝ්‍ර අශ්වයා රථයේ බඳින්න. ඈ වනාහි සියොන් දුවට පාපයේ පටන්ගැන්මය; මක්නිසාද ඉශ්‍රායෙල්ගේ වරද නුඹ තුළ සම්බවිය.


ආමොන්ගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේ ගෙදරදී ඔහු මැරුවෝය.


නුමුත් අෂුර්හි රජ තර්තාන්ද රබ්-සාරිස්ද රබ්-ෂාකේද මහත් සේනාවක් සමඟ හෙසකියා රජු ළඟට ලාකීෂ්හි සිට යෙරුසලමට හැරියේය. ඔව්හු නැගී අවුත් යෙරුසලමට පැමිණියෝය. තවද ඔව්හු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජුට අඬගැස්සෙවුවෝය.


එවිට යූදාහි රජවූ හෙසකියා: මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගියමැනවි. ඔබ මා පිට තබන දෙයක් දරන්නෙමියි කියා ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා ඇරියේය. අසිරියාවේ රජද රිදී තලෙන්ත තිහක්ද දෙන්ට යූදාහි රජවූ හෙසකියාට නියමකෙළේය.


උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ විසිවෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා රෙමලියාගේ පුත්‍රවූ පෙකාට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුට පහරදී මරා ඔහු වෙනුවට රජවුණේය.


ඔහුගේ රථාධිපතියාවූ රෙමලියාගේ පුත්‍රවූ පෙකා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මනුෂ්‍යයන් පනස්දෙනෙකුන් කැඳවාගෙන ඇවිත්, සමාරියෙහි රජගෙයි බලකොටුවේදී ඔහුටත් අර්ගොබ්ටත් අරියාටත් පහරදී මරා ඔහු වෙනුවට රජ වුණේය.


එවිට ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් තිර්ශා සිට පිටත්වී සමාරියට ඇවිත් යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ට සමාරියේදී පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය.


යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට සෙනඟ ඉදිරියේ ඔහුට පහරදී මරා, ඔහු වෙනුවට රජවුණේය.


එබැවින් යෙරුසලමේ රජවූ අදෝනි-ශෙදෙක්: ගිබියොන්වරුන් යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද සමඟ සමාදානවූ නිසා අප ඊට පහරදෙන පිණිස මා වෙතට අවුත් මට උපකාර කරන්නැයි


ලාකීෂ්ද බෝශ්කත්ද එග්ලොන්ද,


අමශියාගේ අනික් ක්‍රියා යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


එහිදී ඔහු මරා අශ්වයන් පිට තබා ගෙනවුත් යෙරුසලමෙහි දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ තැන්පත්කළෝය.


අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි රජවූ ශෙදෙකියාට මේ සියලු වචන යෙරුසලමේදී කීවේය; මක්නිසාද යූදා නුවරවල් අතරෙන් මේවා පමණක් බලකොටු නුවරවල්ව ඉතුරුව තිබුණේය.


යූදාහි රජවූ අහසියා ඒ දැක උයනේ ගේ මගින් පලාගියේය. යේහු ඔහු පස්සේ එළවාගනගොස්: ඔහුටත් රථයේ සිටින විට පහරදෙන්නැයි කීවේය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගුර් නම් ගොඩැල්ලේදී ඔහුට පහරදුන්නෝය. ඔහු මෙගිද්දෝට පලාගොස් එහිදී මළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්