නුඹේ දවස් සම්පූර්ණවී නුඹේ පියවරුන් සමඟ නුඹ සැතපුණු කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ බීජය නුඹට පසුව පිහිටුවා ඔහුගේ රජකම ස්ථිරකරන්නෙමි.
2 රාජාවලිය 13:13 - Sinhala Revised Old Version යෝවාෂ්ද තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; යෙරොබොවම් ඔහුගේ සිංහාසනයෙහි හිඳගත්තේය. යෝවාෂ් සමාරියෙහි ඉශ්රායෙල් රජුන් සමඟ තැන්පත්කරනු ලැබුවේය. Sinhala New Revised Version ජෝවාෂ් ද මියගියේ ය. ජෙරොබෝවම් ඔහු වෙනුවට රජ විය. ජෝවාෂ් සමාරියෙහි ඉශ්රායෙල් රජුන් සමඟ තැන්පත් කරනු ලැබී ය. Sinhala New Revised Version 2018 ජෝවාෂ් ද මියගියේ ය. ජෙරොබෝවම් ඔහු වෙනුවට රජ විය. ජෝවාෂ් සමාරියෙහි ඉශ්රායෙල් රජුන් සමඟ තැන්පත් කරනු ලැබී ය. |
නුඹේ දවස් සම්පූර්ණවී නුඹේ පියවරුන් සමඟ නුඹ සැතපුණු කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ බීජය නුඹට පසුව පිහිටුවා ඔහුගේ රජකම ස්ථිරකරන්නෙමි.
එසේ නොකළොත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ පියවරුන් සමඟ සැතපුණාම මාද මාගේ පුත්‍රවූ සාලමොන්ද වරදකාරයන් වෙනවා ඇතැයි ඔහුට කීවාය.
යෙරොබොවම්ට කථාකොට: නුඹ කෑලි දහයක් ගනින්න. මක්නිසාද ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම සාලමොන්ගේ රාජ්‍යය පැහැරගන නුඹට ගෝත්‍ර දසයක් දෙන්නෙමි.
යෝවාෂ්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ බලවන්තකම් වන ඔහු යූදාහි රජවූ අමශියාට විරුද්ධව යුද්ධකළ හැටිද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
එලිෂාට තමාගේ මරණීය ලෙඩේ වැළඳුණුවිට ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ් ඔහු වෙතට ගොස් ඔහු ළඟ සිටගන අඬා: මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි, ඉශ්‍රායෙල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසරුවෝයයි කීය.
යෙහෝවාහාස්ද තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යෝවාෂ් ඔහු වෙනුවට රජ වුණේය.
යෙහෝවාෂ් කළ අනික් ක්‍රියාද ඔහුගේ වික්‍රමයද ඔහු යූදාහි රජවූ අමශියාට විරුද්ධව යුද්ධ කළ හැටිද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
යූදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශි-යාගේ පසළොස්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් සමාරියෙහි රජ වී සතළිස් එක් අවුරුද්දක් රජකම්කෙළේය.
මෙය වනාහි: නුඹේ පුත්‍රයෝ සතරවෙනි පරම්පරාව දක්වා ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ යේහුට වදාළ වචනයය. එලෙසම සිද්ධවුණේය.
යූදාහි රජවරුවූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වල සහ යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලත් බෙයේරීගේ පුත්‍රවූ හොෂෙයාට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.