Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 13:9 - Sinhala Revised Old Version

9 යෙහෝවාහාස්ද තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යෝවාෂ් ඔහු වෙනුවට රජ වුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ජෙහෝවාහාස් ද මියගිය පසු සමාරියෙහි තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෝවාෂ් ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ජෙහෝවාහාස් ද මියගිය පසු සමාරියෙහි තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෝවාෂ් ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 13:9
6 හුවමාරු යොමු  

එකල අමශියා පණිවිඩකාරයන් යවා: එන්න, අපි මුණගැසෙමු කියා යේහුගේ පුත්‍රවූ යෙහෝවාහාස්ගේ පුත්‍ර වන ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ්ට කියා ඇරියේය.


යෝවාෂ්ද තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; යෙරොබොවම් ඔහුගේ සිංහාසනයෙහි හිඳගත්තේය. යෝවාෂ් සමාරියෙහි ඉශ්‍රායෙල් රජුන් සමඟ තැන්පත්කරනු ලැබුවේය.


යූදාහි රජවූ යෝවාෂ්ගේ තිස්හත්වෙනි අවුරුද්දේදී යෙහෝවාහාස්ගේ පුත්‍රවූ යෙහෝවාෂ් සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී අවුරුදු දහසයක් රජකම්කෙළේය.


යේහු තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝවාහාස් ඔහු වෙනුවට රජ වුණේය.


සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු තැන්පත්කරන්නෝය; මක්නිසාද යෙරොබොවම්ගේ වංශය අතරෙන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි යහපත්වූ යමක් ඔහු තුළ ඇති බැවින් යෙරොබොවම්ගේ වංශයෙන් ඔහු පමණක් සොහොනකට පැමිණෙන්නේය.


යෙහෝවාහාස්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ වික්‍රමයද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්