Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 1:21 - Sinhala Revised Old Version

21 එසේ නොකළොත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ පියවරුන් සමඟ සැතපුණාම මාද මාගේ පුත්‍රවූ සාලමොන්ද වරදකාරයන් වෙනවා ඇතැයි ඔහුට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එසේ නොකළොත්, මාගේ ස්වාමීන් වන රජතුමා මියගිය පසු මා ද මාගේ පුත්‍ර සලමොන් ද වරදකාරයන් වනු ඇතැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එසේ නොකළොත්, මාගේ ස්වාමීන් වන රජතුමා මියගිය පසු මා ද මාගේ පුත්‍ර සලමොන් ද වරදකාරයන් වනු ඇතැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 1:21
11 හුවමාරු යොමු  

පසුව දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ නුඹේ පියවරුන් සමඟ සැතපෙන්නෙහිය; මේ සෙනඟද නැගිට ඔවුන් යන දේශයෙහි වූ අන්‍ය දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කර, මා අත්හැර, මා ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩකරනවා ඇත.


එවිට ඔහු: රාජ්‍යය මට ලැබෙන්නට තිබුණු බවත් මා රජකම්කරනවා ඇත කියා සියලු ඉශ්‍රායෙල්වරුන් මා ගැන බලා සිටිය බවත් නුඹ දන්නෙහිය. නුමුත් රජකම වෙනස්වී මාගේ සහෝදරයාට ගියේය. මක්නිසාද ඒක ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ලැබුණේය.


නුඹේ දවස් සම්පූර්ණවී නුඹේ පියවරුන් සමඟ නුඹ සැතපුණු කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ බීජය නුඹට පසුව පිහිටුවා ඔහුගේ රජකම ස්ථිරකරන්නෙමි.


එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නෙහිය; හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය.


ඉතින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබට පසුව මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සිංහාසනය පිට හිඳගත යුත්තේ කවුද කියා ඔබ විසින් ඉශ්‍රායෙල්වරුන්ට දන්වනවා ඇත කියා ඔවුන් සියල්ලෝ බලා සිටිති.


ඈ රජු සමඟ කථාකරද්දීම අනාගතවක්තෘවූ නාතාන් ඇතුළට ආයේය.


ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් යෙරුබ්බාල්ගේ පුත්‍රවූ තමාගේ සහෝදරයන් වන මිනිසුන් සැත්තෑදෙනෙක් එක ගලක් පිට මැරුවේය. නුමුත් යෙරුබ්බාල්ගේ බාල පුත්‍රයාවූ යෝතාම් ඉතුරුවිය; මක්නිසාද ඔහු සැඟවුණේය.


එබැවින් නුඹේ ජීවිතයත් නුඹේ පුත්‍රවූ සාලමොන්ගේ ජීවිතයත් නුඹ විසින් ආරක්ෂාකරගන්න පිණිස නුඹට දැනමුතුකමක් දෙන්ට මට අවසර ලැබේවා.


එකල අහසියාගේ මවුවූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු යූදා රාජවංශය නැතිකළාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්