ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 13:12 - Sinhala Revised Old Version

යෝවාෂ්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ බලවන්තකම් වන ඔහු යූදාහි රජවූ අමශියාට විරුද්ධව යුද්ධකළ හැටිද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝවාෂ්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහුගේ බලවන්තකම් වන ජුදාහි රජ වූ අමශියාට විරුද්ධ ව යුද්ධ කළ හැටි ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝවාෂ්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහුගේ බලවන්තකම් වන ජුදාහි රජ වූ අමශියාට විරුද්ධ ව යුද්ධ කළ හැටි ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 13:12
8 හුවමාරු යොමු  

යෙරොබොවම්ගේ අනික් කාරණා එනම්, ඔහු යුද්ධකළ හැටිද රජකම්කළ හැටිද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.


අහසියා කළ අනික් ක්‍රියා ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, ඉශ්‍රායෙල්වරුන් පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ සියලු පාපවලින් අහක්නොවී, ඒවායෙහි හැසුරුණේය.


යෝවාෂ්ද තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; යෙරොබොවම් ඔහුගේ සිංහාසනයෙහි හිඳගත්තේය. යෝවාෂ් සමාරියෙහි ඉශ්‍රායෙල් රජුන් සමඟ තැන්පත්කරනු ලැබුවේය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ, ගාත්හෙපෙර්හි අනාගතවක්තෘවූ අමිත්තයිගේ පුත්‍රවූ යෝනා ලවා කියෙවු වචනය ලෙස හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්‍රායෙල්වරුන්ගේ සීමාව ඔහු නැවත ලබාගත්තේය.