Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 14:25 - Sinhala Revised Old Version

25 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ, ගාත්හෙපෙර්හි අනාගතවක්තෘවූ අමිත්තයිගේ පුත්‍රවූ යෝනා ලවා කියෙවු වචනය ලෙස හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්‍රායෙල්වරුන්ගේ සීමාව ඔහු නැවත ලබාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ, ගාත්-හෙපෙර්හි දිවැසිවර අමිත්තයිගේ පුත් ජෝනා ලවා කියෙවූ වචනය ලෙස හමාත් දුර්ගයට ඇතුල් වන තැන පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්රායෙල්වරුන්ගේ දේශ සීමාව ඔහු නැවත ලබාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ, ගාත්-හෙපෙර්හි දිවැසිවර අමිත්තයිගේ පුත් ජෝනා ලවා කියෙවූ වචනය ලෙස හමාත් දුර්ගයට ඇතුල් වන තැන පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්රායෙල්වරුන්ගේ දේශ සීමාව ඔහු නැවත ලබාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 14:25
16 හුවමාරු යොමු  

කින්නෙරෙත් පටන් පිස්ගායේ පාවුළට පහළින් තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වා නැගෙනහිරට පිහිටි අරබා සමභූමියත් යොර්දානත් ඒ පළාතත් රූබෙන්වරුන්ට සහ ගාද්වරුන්ට දුනිමි.


ස්වාමීන්වහන්සේගේ වචනය අමිත්තයිගේ පුත්‍රවූ යෝනා වෙතට පැමිණ:


මෙසේ ඒ කාලයෙහි සාලමොන්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් වන හාමත්ට ඇතුල්වෙන තැන පටන් මිසරයේ ඔය දක්වා පළාත්වලින් ආවාවූ මහත් සමූහයක්ද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් දවසක්ද තවත් සත්දවසක්ද එනම් දහහතර දවසක් මංගල්‍යය පැවැත්තූහ.


එතනින් නැගෙනහිර දෙස ගත්-හේපෙර්ටද එත්-කාශීන්ටද පැමිණ, නෙයා දෙසට පිහිටා තිබෙන රිම්මොන්ට ගියේය.


එසේ ඔව්හු ගොස් ශීන් කාන්තාරයේ පටන් හමාත්ට යන තැන තිබෙන රෙහොබ් දක්වා දේශය සෝදිසිකළෝය.


නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර ඔවුන්ට වෙන ලකුණක් දෙනු නොලැබෙන්නේයයි කීසේක. උන්වහන්සේ ඔවුන් අත්හැර පිටත්ව ගියසේක.


නුමුත්, ඉශ්‍රායෙල් වංශය, මම නුඹලාට විරුද්ධව ජාතියක් නැගුටුවන්නෙමි; හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ ඔය දක්වා ඔව්හු නුඹලාට පීඩාකරන්නෝයයි සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


යෙහෝවාහාස්ගේ පුත්‍රවූ යෙහෝවාෂ් තමාගේ පියවූ යෙහෝවාහාස් අතින් හසායෙල් විසින් යුද්ධකොට අල්ලාගත් නුවරවල් ඔහුගේ පුත්‍රයාවූ බෙන්-හදද්ගේ අතින් නැවත අල්ලාගත්තේය. යෝවාෂ් තුන්වරක් ඔහුට පහරදී ඉශ්‍රායෙල් නුවරවල් දෙවනු ගත්තේය.


ඒ කාලයේදී ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් හීනකරන්ට පටන්ගත්සේක.


මොවුන් සියල්ලෝ ලුණු මුහුද වූ සිද්දීම් මිටියාවතෙහි එකට රැස්වූවෝය.


(තවද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් සිරියවරුන්ගේ අත යටතින් නිදහස්වෙන ලෙස ඔවුන්ට ගැළවුම්කාරයෙකු දුන්සේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ පළමු ලෙස තමුන්ගේ කූඩාරම්වල වාසයකළෝය.


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ සියලු පාපවලින් ඔහු අහක්නූණේය.


නුඹලා කඩුවෙන් වැටෙනවා ඇත; ඉශ්‍රායෙල් සීමාවේදී නුඹලා විනිශ්චයකරන්නෙමි; එසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්