සත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා පණිවිඩ යවා කාරියවරුන්ගේද මුරකාරයන්ගේද ශතාධිපතීන් ගෙන්වා ස්වාමීන්වහන්සේගේ ගෘහයට තමා ළඟට පමුණුවාගෙන, ඔවුන් සමඟ ගිවිසුමක්කොට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිදී ඔවුන්ගෙන් දිවුරුම්ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කථාකොට:
2 රාජාවලිය 12:7 - Sinhala Revised Old Version එවිට යෙහෝවාෂ් රජ පූජකවූ යෙහෝයාදාටත් අනික් පූජකයන්ටත් හඬගසා: නුඹලා ගෘහයේ කැඩුම් හරිනොගස්සන්නේ මක්නිසාද? ඉතින් නුඹලා අඳුනන්නන්ගෙන් තවත් මුදල් නොගෙන ඒවා කැඩුම් හරිගස්සන්ට භාරදෙන්නැයි කීවේය. Sinhala New Revised Version එවිට ජෙහෝවාෂ් රජ, පූජක වූ ජෙහෝයාදාටත්, අනික් පූජකයන්ටත් හඬගසා, “ඔබ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන්නේ මන් ද? ඉතින් ඔබ සේවය කරන අයගෙන් තවත් මුදල් නොගෙන ඒවා කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරන්න භාර දෙන්නැ”යි කී ය. Sinhala New Revised Version 2018 එවිට ජෙහෝවාෂ් රජ, පූජක වූ ජෙහෝයාදාටත්, අනික් පූජකයන්ටත් හඬගසා, “ඔබ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන්නේ මන් ද? ඉතින් ඔබ සේවය කරන අයගෙන් තවත් මුදල් නොගෙන ඒවා කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරන්න භාර දෙන්නැ”යි කී ය. |
සත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා පණිවිඩ යවා කාරියවරුන්ගේද මුරකාරයන්ගේද ශතාධිපතීන් ගෙන්වා ස්වාමීන්වහන්සේගේ ගෘහයට තමා ළඟට පමුණුවාගෙන, ඔවුන් සමඟ ගිවිසුමක්කොට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිදී ඔවුන්ගෙන් දිවුරුම්ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කථාකොට:
යෙහෝවාෂ් වනාහි යෙහෝයාදා පූජකයා විසින් තමාට දැනමුතුකම් දුන් කාලය මුළුල්ලෙහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
එහෙත් පූජකයන් විසින් යෙහෝවාෂ් රජුගේ විසිතුන්වෙනි අවුරුද්ද දක්වා ගෘහයේ කැඩුම් හරි නොගස්සා තිබුණේය.
යෝවාබ් කථාකොට: දැන් සිටින පමණට වඩා ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සියක් ගුණයක් වැඩිකරනසේක්වා. එහෙත්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔවුන් සියල්ලෝම මාගේ ස්වාමියාගේ සේවකයෝ නොවෙද්ද? මාගේ ස්වාමියා මේක අණකර ඉශ්‍රායෙල්වරුන් පිටට වරද පමුණුවන්නේ මක්නිසාදැයි කීය.
සත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා ධෛර්ය උපදවාගන, ශතාධිපතීන් වන යෙරොහාම්ගේ පුත්‍රවූ අසරියාද යෙහෝහානාන්ගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද ඕබෙද්ගේ පුත්‍රවූ අසරියාද අදායාගේ පුත්‍රවූ මයසේයාද සික්රීගේ පුත්‍රවූ එලීෂාපාට්ද ගිවිසුමකින් බැඳ ගත්තේය.
ඔහු ඉශ්‍රායෙල්හිද දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෘහය උදෙසාද යහපතකළ බැවින් දාවිත්ගේ නුවර රජවරුන් අතරේ තැන්පත්කරනු ලැබීය.
සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට නිසි කාලය පැමුණුණේ නැතැයි මේ සෙනඟ කියතියි කීසේක.