Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 12:6 - Sinhala Revised Old Version

6 එහෙත් පූජකයන් විසින් යෙහෝවාෂ් රජුගේ විසිතුන්වෙනි අවුරුද්ද දක්වා ගෘහයේ කැඩුම් හරි නොගස්සා තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එහෙත්, පූජකයන් විසින් ජෙහෝවාෂ් රජුගේ විසිතුන් වන අවුරුද්ද දක්වා මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එහෙත්, පූජකයන් විසින් ජෙහෝවාෂ් රජුගේ විසිතුන් වන අවුරුද්ද දක්වා මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 12:6
9 හුවමාරු යොමු  

නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,


මක්නිසාද සියල්ලෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා නොව තම තමුන්ගේම කාරණා සොයන්නෝය.


අනේ නුඹලා මාගේ පූජාසනය පිට නිෂ්ඵලලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසාතබන කෙනෙක් නුඹලා අතරේ ඇත්නම් හොඳය! නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත, නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් පූජකයන් මදිවූ නිසා සියලු දවන පූජා හමගහන්ට බැරිවිය. ඒ නිසා ඔවුන්ගේ සහෝදරයෝවූ ලෙවීවරු වැඩේ තීන්දුවෙන තුරුත් අනික් පූජකයන් පවිත්‍රවෙන තුරුත් ඔවුන්ට උදව්වූවෝය. මක්නිසාද තුමූම පවිත්‍රවීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංකව සිටියෝය.


පූජකයෝ තම තමුන් අඳුනන්නවුන්ගෙන් ව්‍යවහාර මුදලින් ගනිත්වා, ඔව්හුද ගෘහයේ කොයියම් තැනක නුමුත් දකින කැඩුම් හරිගස්සත්වයි කීවේය.


එවිට යෙහෝවාෂ් රජ පූජකවූ යෙහෝයාදාටත් අනික් පූජකයන්ටත් හඬගසා: නුඹලා ගෘහයේ කැඩුම් හරිනොගස්සන්නේ මක්නිසාද? ඉතින් නුඹලා අඳුනන්නන්ගෙන් තවත් මුදල් නොගෙන ඒවා කැඩුම් හරිගස්සන්ට භාරදෙන්නැයි කීවේය.


පූජකයන්ද ලෙවීවරුන්ද රැස්කරගෙන ඔවුන්ට කියනුයේ: නුඹලා යූදාහි නුවරවලට ගොස් අවුරුද්දෙන් අවුරුද්ද නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන් මුදල් එකතුකරන්න, ඒ කාරණය ගැන ඉක්මන්වෙන්නැයි කීවේය. නුමුත් ලෙවීවරු ඉක්මන් නොවූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්