Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 23:1 - Sinhala Revised Old Version

1 සත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා ධෛර්ය උපදවාගන, ශතාධිපතීන් වන යෙරොහාම්ගේ පුත්‍රවූ අසරියාද යෙහෝහානාන්ගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද ඕබෙද්ගේ පුත්‍රවූ අසරියාද අදායාගේ පුත්‍රවූ මයසේයාද සික්රීගේ පුත්‍රවූ එලීෂාපාට්ද ගිවිසුමකින් බැඳ ගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 සත් වන අවුරුද්දේ දී ජෙහෝයාදා ධෛර්ය වඩා, ශතාධිපතීන් වන ජෙරෝහාම්ගේ පුත් අශරියා ද ජෙහෝහානාන්ගේ පුත් ඉෂ්මායෙල් ද ඕබෙද්ගේ පුත් අසරියා ද අදායාගේ පුත් මයසේයා ද ශික්රිගේ පුත් එලිෂාපාට් ද සමඟ ගිවිසුමක් කර ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සත් වන අවුරුද්දේ දී ජෙහෝයාදා ධෛර්ය වඩා, ශතාධිපතීන් වන ජෙරෝහාම්ගේ පුත් අශරියා ද ජෙහෝහානාන්ගේ පුත් ඉෂ්මායෙල් ද ඕබෙද්ගේ පුත් අසරියා ද අදායාගේ පුත් මයසේයා ද ශික්රිගේ පුත් එලිෂාපාට් ද සමඟ ගිවිසුමක් කර ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 23:1
7 හුවමාරු යොමු  

මේ සියල්ල තිබෙද්දීත් අපි ස්ථීරවූ ගිවිසුමක් කර, ඒක ලියා තබමුව; අපේ අධිපතීහුද අපේ ලෙවීවරුද අපේ පූජකයෝද ඒක මුද්‍රාකෙරෙතියි කීවෝය.


තවද ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද සොයන්ටත්,


යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් දාවිත්ට ආදරේවූ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්තෝය.


ඉශ්හාර්ගේ පුත්‍රයෝ: කොරා, නෙඵෙග් සහ ශික්රීය.


ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේය. අතලියා දේශය කෙරෙහි රජකම්කළාය.


එවිට යෙහෝවාෂ් රජ පූජකවූ යෙහෝයාදාටත් අනික් පූජකයන්ටත් හඬගසා: නුඹලා ගෘහයේ කැඩුම් හරිනොගස්සන්නේ මක්නිසාද? ඉතින් නුඹලා අඳුනන්නන්ගෙන් තවත් මුදල් නොගෙන ඒවා කැඩුම් හරිගස්සන්ට භාරදෙන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්