2 රාජාවලිය 10:26 - Sinhala Revised Old Version තවද ඔව්හු බාල්ගේ ගෘහයේ රූප-කුළුනු, පිටතට ගෙනැවිත් පුලුස්සාදමා, Sinhala New Revised Version තවද, ඔව්හු බාල්ගේ දේවාලයේ ශිලාස්තම්භය පිටතට ගෙනවුත් පුළුස්සාදමා, Sinhala New Revised Version 2018 තවද, ඔව්හු බාල්ගේ දේවාලයේ ශිලාස්තම්භය පිටතට ගෙනවුත් පුළුස්සාදමා, |
ඔව්හුද සියලු උස් හෙල් පිටත් සියලු අමු ගස් යටත් උස් තැන්ද රූප-කුළුනුද අෂේරා කණුද සාදාගත්තෝය;
තමාගේ මවුවූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඈ මව් බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟදී පුලුස්සාදැමුවේය.
තවද ඔහු සමාරියේ ගොඩනැගූ බාල්ගේ ගෘහයෙහි බාල්ට පූජාසනයක් සෑදුවේය. ආහබ් අෂේරා කණුත් සෑදුවේය;
දේශයේ මුළු සෙනඟ බාල්ගේ ගෘහයට ගොස් ඒක කඩා, ඔහුගේ පූජාසනද රූපද මුළුමනින්ම බිඳ දමා, පූජාසන ඉදිරියෙහිදී බාල්ගේ පූජකයාවූ මත්තාන් මැරුවෝය. පූජක තෙමේ ස්වාමීන්වහන්සේගේ ගෘහය කෙරෙහි මුලාදෑනීන් පත්කෙළේය.
ඔහු උස් තැන් පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කණු කපාදමා, මෝසෙස් විසින් සෑදූ පිත්තල සර්පයාත් කැබලිකොට දැමුවේය; මක්නිසාද ඒ දවස් දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඊට සුවඳ දුම් ඔප්පුකළෝය; ඔහු ඊට නෙහුෂ්තාන්යයි නම් තැබුවේය.
ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තයවූ ලී සහ ගල් ව තිබුණේය; ඒ නිසා ඔව්හු ඒවා විනාශකළෝය.
ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබුණාවූ, යූදාහි රජවරුන් විසින් සෑදුවාවූ පූජාසනද ස්වාමීන්වහන්සේගේ මිදුල් දෙකේ මනස්සේ විසින් සෑදූ පූජාසනද කඩා එතනින් හෙළාදමා, ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසිකෙළේය.
එවිට බාල්ටත් අෂේරාටත් මුළු අහස් සේනාවටත් සාදා තිබුණ සියලු භාජන ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙනයන්ට කියා රජ නායක පූජකවූ හිල්කියාටත් දෙවෙනි පංක්තියේ පූජකයන්ටත් දොරටු පාලයන්ටත් අණකෙළේය. ඔහු යෙරුසලමෙන් පිටත කිද්‍රොන් භූමිවල ඒවා පුලුස්සාදමා, ඒවායේ අලු බෙතෙල්ට ගෙනාවේය.
ඔහු අෂේරා පිළිමය ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් අහක්කොට යෙරුසලමෙන් පිටත කිද්‍රොන් ඔයට ගෙන ගොස්, කිද්‍රොන් ඔය ළඟ පුලුස්සාදමා කුඩුකර, ඒ කූඩු පොදු සෙනඟගේ මිනීවළවල් උඩ විසුරුවා දැමුවේය.
ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ කෙළේය; එහෙත් තමාගේ පියාද මවුද මෙන් නොවේ. මක්නිසාද ඔහු තමාගේ පියා සෑදූ බාල්ගේ රූපස්තම්භය පහකෙළේය.
ඔව්හු තමුන්ගේ දේව රූප එහි අත්හැර ගියෝය; එකල දාවිත් දුන් ආඥාව ලෙස ඒවා ගින්නෙන් පුලුස්සාදමන ලද්දේය.
ඔහු ඉශ්‍රායෙල් දේශය මුළුල්ලෙහි තිබුණ පූජාසන කඩාදමා, අෂේරා කණුද කැපූ රූපද බිඳදමා, කුඩුකර, සියලු සූර්ය–රූප කපාදමා, යෙරුසලමට හැරීආයේය.
එබැවින් මෙයින් යාකොබ්ගේ අපරාධය මැකීයන්නේය, එහි මුළු ඵලය නම්, පූජාසනයේ සියලු ගල් පොඩිවුණ හුණුගල් මෙන් ඔහු විසින් කරන හැටියටත් අෂේරා කනුද සූර්ය රූපද තවත් නොනැගිටින හැටියටත් ඔහුගේ පාපය පහකිරීමය.
එහෙත් ඔවුන්ට මෙසේ කරන්න: ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමා, ඔවුන්ගේ රූප ගින්නෙන් දවන්න.