Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 10:25 - Sinhala Revised Old Version

25 තවද යේහු දවන පූජාව පුදා නිමකළ කෙණෙහිම ඔහු මුරකාරයන්ටත් ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කථාකොට: ඇතුළට ගොස් කාටවත් පිටතට එන්ට නෑර ඔවුන් මරන්නැයි කීවේය. එසේ මුරකාරයෝද මුලාදෑනිහුද කඩුමුවහතින් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ ගෙයි මළුව දක්වාත් ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 තවද, ජේහු දවන යාග පූජාව පුදා නිම කළ කෙණෙහි ම මුරකාරයන්ටත්, ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කතා කොට, “ඇතුළට ගොස් කාට වත් පිටතට එන්න නෑර ඔවුන් මරන්නැ”යි කී ය. එසේ මුරකාරයෝ ද මුලාදෑනීහු ද කඩුවෙන් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ දේවාලයේ මළුව දක්වාත් ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 තවද, ජේහු දවන යාග පූජාව පුදා නිම කළ කෙණෙහි ම මුරකාරයන්ටත්, ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කතා කොට, “ඇතුළට ගොස් කාට වත් පිටතට එන්න නෑර ඔවුන් මරන්නැ”යි කී ය. එසේ මුරකාරයෝ ද මුලාදෑනීහු ද කඩුවෙන් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ දේවාලයේ මළුව දක්වාත් ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 10:25
10 හුවමාරු යොමු  

එලියා ඔවුන්ට කථාකොට: බාල්ගේ ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැළවීයන්ට නොදී ඔවුන් අල්වාගන්නැයි කීවේය. ඔව්හු ඔවුන් අල්වාගත්තෝය. එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙනගොස් එහිදී ඔවුන් මැරුවේය.


ඔහුද: එක් එක්කෙනා තම තමාගේ කඩුව කළවයෙහි බැඳගෙන කඳවුර මුළුල්ලෙහි දොරටුවෙන් දොරටුවට ඔබ මොබ ගොස් එක් එක්කෙනා තම තමාගේ සහෝදරයාද එක් එක්කෙනා තම තමාගේ මිත්‍රයාද එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියාද මරන්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කීවේය.


ස්වාමීන්වහන්සේ ඇර වෙන දෙවියෙකුට පූජාකරන තැනැත්තා සිඳදමනු ලැබිය යුතුය.


රජතෙම තමා වෙත සිටි මුරකාරයන්ට කථාකොට: නුඹලා ළංවී ස්වාමීන්වහන්සේගේ පූජකයන් මරන්න; මක්නිසාද ඔව්හුද දාවිත්ට එකතුව සිටිති, ඔහු පලායන බව දැනගනත් ඔවුන් මට එය එළිදරව්කළේ නැතැයි කීවේය. එහෙත් රජුගේ සේවකයෝ ස්වාමීන්වහන්සේගේ පූජකයන්ට පහරදෙන්ට තමුන්ගේ අත් දිගුකරන්ට නොකැමැතිවූවෝය.


එහි සිටි උස්තැන්වල සියලු පූජකයන්ද පූජාසන පිට මරා, ඒවා පිට මිනී ඇට පුලුස්සා, ඔහු යෙරුසලමට හැරී ආවේය.


දේශයේ මුළු සෙනඟ බාල්ගේ ගෘහයට ගොස් ඒක කඩා, ඔහුගේ පූජාසනද රූපද මුළුමනින්ම බිඳ දමා, පූජාසන ඉදිරියෙහිදී බාල්ගේ පූජකයාවූ මත්තාන් මැරුවෝය. පූජක තෙමේ ස්වාමීන්වහන්සේගේ ගෘහය කෙරෙහි මුලාදෑනීන් පත්කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්