දුප්පතා සහ දිළිඳා හෙළාදමන පිණිසත් අවංකලෙස හැසිරෙන්නන් මරණ පිණිසත් දුෂ්ටයෝ කඩුව ඇද්දෝය, දුන්නද තැත්කැවුවෝය.
2 පේත්‍රැස් 3:11 - Sinhala Revised Old Version මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින්, නුඹලා දෙවියන්වහන්සේගේ දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියාකරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද? Sinhala New Revised Version මේ මුළු විශ්වය මේ අයුරින් විනාශ වී යන බැවින්, ඔබ කොයි ආකාර අය විය යුතු ද? ඔබ ශුද්ධ හැසිරීමකින් භක්තිවන්ත ලෙස ජීවත් විය යුතු ය. සිංහල කාලීන පරිවර්තනය මේ මුළු විශ්වයම ඒ අයුරින් විනාශ කරන බැවින්, ඔබ කවර අන්දමේ පුද්ගලයින් විය යුතු වේ ද? ඔබ ශුද්ධවත්ව, දේව-භක්තිකව ජීවත් විය යුතු වන්නේ, Sinhala New Revised Version 2018 මේ මුළු විශ්වය මේ අයුරින් විනාශ වී යන බැවින්, ඔබ කොයි ආකාර අය විය යුතු ද? ඔබ ශුද්ධ හැසිරීමකින් භක්තිවන්ත ලෙස ජීවත් විය යුතු ය. |
දුප්පතා සහ දිළිඳා හෙළාදමන පිණිසත් අවංකලෙස හැසිරෙන්නන් මරණ පිණිසත් දුෂ්ටයෝ කඩුව ඇද්දෝය, දුන්නද තැත්කැවුවෝය.
ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.
එම්බා දොරටුව, මොරගසව; එම්බා නුවර, කෑගසව; අහෝ මුළු පිලිස්තිය, නුඹ දියවී ගියෙහිය; මක්නිසාද උතුරෙන් දුමක් එන්නේය, ඔහුගේ කණ්ඩායම්වල යුද්ධ පිළිවෙළින් නොසිටින කෙනෙක් නැත්තේය.
මුළු අහස් සේනාව ක්ෂයවී, අහස අකුළන පොතක් මෙන් ඇකිළී, එහි මුළු සේනාව මිදිවැලෙන් වැටෙන කොළ මෙන්ද අත්තික්කා ගහෙන් වියළී වැටෙන කොළයක් මෙන්ද වැටෙන්නේය.
ඒ මනුෂ්‍යයෝ මවිතව: මුන්වහන්සේ කෙබඳු කෙනෙක්ද? හුළඟ හා මුහුද පවා මුන්වහන්සේට කීකරුවෙනවායයි කීවෝය.
තවද කාලය දැන, එනම් දැන් නුඹලා නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාවයයි දැන, එසේ කරන්න. මක්නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ.
රාත්‍රිය බොහෝසේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහකදමා, ආලෝකයේ ආයුධ පැළඳගනිමු.
මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් නුඹලා කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.
මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න.
නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව.
මක්නිසාද අපේ ශුභාරංචිය නුඹලා වෙතට පැමුණුණේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් බොහෝ නිසැකකමත් ඇතුවය. එසේය, නුඹලා නිසා අපි නුඹලා අතරෙහි කොයි ආකාර අය වීමුදැයි නුඹලා දන්නහුය.
දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.
නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙන්න.
නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.
යමෙක් සාරවූ වචනවලට, එනම් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලටත් භක්තිවන්තකමේ හැටියටවූ ධර්මයටත් එකඟ නොවී, වෙනස් ධර්මයක් උගන්වන්නේ නම්,
නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.
මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙල්ම මතක නැතිකරයි.
නුඹලා අතරෙහි ප්‍රඥාවත්වූ තේරුම්ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා.
නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.
නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.
මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ.
දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරීමද, පමණ දැන ක්‍රියාකිරීම සමඟ ඉවසිල්ලද, ඉවසිල්ල සමඟ දේවභක්තියද,
එහෙත් සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය.