දෙවෙනි වරත් එසේම කරන්නැයි කීවේය; ඔව්හු දෙවෙනි වරත් එසේ කළෝය. තුන්වෙනි වරත් එසේම කරන්නැයි ඔහු කීවේය; ඔව්හු තුන්වෙනි වරත් එසේ කළෝය.
2 කොරින්ති 8:21 - Sinhala Revised Old Version මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පමණක් නොව, මිනිසුන් ඉදිරියෙහි ද අවංක ව ක්‍රියා කිරීම අපේ අරමුණ වේ. සිංහල කාලීන පරිවර්තනය මන්ද අප අරමුණු කරන්නේ ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ පමණක් නො ව, මිනිසුන්ගේ ඇස් හමුවේ ද ගරු කටයුතු ලෙස කිරීම ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පමණක් නොව, මිනිසුන් ඉදිරියෙහි ද අවංක ව ක්‍රියා කිරීම අපේ අරමුණ වේ. |
දෙවෙනි වරත් එසේම කරන්නැයි කීවේය; ඔව්හු දෙවෙනි වරත් එසේ කළෝය. තුන්වෙනි වරත් එසේම කරන්නැයි ඔහු කීවේය; ඔව්හු තුන්වෙනි වරත් එසේ කළෝය.
එවිට නුඹ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුවෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත.
ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය. ඔව්හු තමුන්ගේ පිලාක්තරි පළල්කර (තමුන්ගේ වස්ත්‍රවල) දාවලු මහත් කරති,
එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගන්න. නැතහොත් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ වෙත නුඹලාට විපාකයක් ඇත්තේ නැත.
කුමක්හෙයින්ද ඒ කාරණාවලින් ක්‍රිස්තුස්වහන්සේට සේවයකරන අය දෙවියන්වහන්සේට ප්‍රසන්නවූද මනුෂ්‍යයන් විසින් යහපතැයි ඒත්තු ගන්නාවූද කෙනෙක්ය.
මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ වචනය බොහෝදෙනා මෙන් නරක් නොකර, අවංකකමින්ද දෙවියන්වහන්සේගෙන් ලැබුණු ලෙසද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළ කථාකරමුව.
මෙසේ, අපේ සේවයෙන් ඉෂ්ටකරන මේ දීමනාව ගැන කිසිවෙක් අපට දෝෂාරෝපණය නොකරන පිණිස ප්‍රවේසම්වෙමුව.
තවද නොයෙක්විට නොයෙක් කාරණාවලදී උනන්දු කෙනෙක් බව අපට ඔප්පුවුණාවූ, දැන් නුඹලා කෙරෙහි ඇති මහත් විශ්වාසය නිසා ඊටත් වඩා උනන්දුකම ඇත්තෙක්වූ අපේ සහෝදරයා ඔවුන් සමඟ එවීමුව.
ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.
ඇරත් නින්දාවටද යක්ෂයාගේ මලපතටද නොවැටෙන පිණිස ඔහු පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව සිටින්ට ඕනෑය.
එබැවින් යෞවන වැන්දඹුවන් විවාහවී දරුවන් බිහිකරනවාටත් ගෙදර ආණ්ඩුකරනවාටත් නින්දා කිරීමට කිසි අවකාශයක් විරුද්ධකාරයාට නොදෙනවාටත් මම කැමැත්තෙමි.
නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.
ඈ පහන්වන තෙක් ඔහුගේ පාමුල නිදාහිඳ, එකිනෙකා ඇඳිනගන්ට පුළුවන්වෙන්ට මත්තෙන් නැගුටුණාය. ඔහුද: ඒ ස්ත්‍රිය පාවරට ආ බව කිසිවෙකුට නොදැනේවයි කීවේය.