Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 8:20 - Sinhala Revised Old Version

20 මෙසේ, අපේ සේවයෙන් ඉෂ්ටකරන මේ දීමනාව ගැන කිසිවෙක් අපට දෝෂාරෝපණය නොකරන පිණිස ප්‍රවේසම්වෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මේ නොමසුරු දීමනාව සම්බන්ධ ව ක්‍රියා කිරීමෙන් කිසිවෙකුගෙන් දෝෂාරෝපණයක් නොලැබීමට අපි පරෙස්සම් වෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 අප මේ පියවර ගත්තේ අප විසින් මෙහෙය වන මෙම නො මසුරු තිළිණය ගැන කිසිවකුගේවත් දොස් දැක්මක් සිදු නො වන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මේ නොමසුරු දීමනාව සම්බන්ධ ව ක්‍රියා කිරීමෙන් කිසිවෙකුගෙන් දෝෂාරෝපණයක් නොලැබීමට අපි පරෙස්සම් වෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 8:20
9 හුවමාරු යොමු  

සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.


ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,


නුමුත් මා කරන දේ, ප්‍රස්තාවක් සොයන්නවුන්ගේ ප්‍රස්තාව සිඳදමන පිණිස, මතුත් කරන්නෙමි; එසේ කරන්නේ ඔවුන් පාරට්ටුකරගන්නාවූ කාරණයේදී ඔවුන් අප වාගේ පෙනෙන පිණිසය.


මා ආවාම නුඹලා දෙන දේ යෙරුසලමට ගෙනයන පිණිස සුදුස්සෝයයි නුඹලා සිතන තැනැත්තන් ලියුම් ඇතුව යවන්නෙමි.


එබැවින් නුඹලාට තිබෙන යහපත ගැන අගුණ කියනු නොලබාවා.


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


තවද වැඩකරන්නන්ට දෙන්ට මිල භාරදෙනු ලැබූ මනුෂ්‍යයන් විශ්වාස ලෙස කටයුතුකළ බැවින් ඔවුන්ගෙන් ගණනක් නොගන්නා ලද්දේය.


එපමණක් නොව අපේ සේවයෙන් ඉෂ්ටකරන්නාවූ මේ ප්‍රසාදය ගැන අප සමඟ ගමන්කිරීමට ස්වාමීන්වහන්සේගේ ගෞරවයද අපගේ මනාපවීමද සඳහා ඔහුත් සභාවන් විසින් නියමකරනලද්දේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්