මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මේ මනුෂ්‍යයන් විසින් වළේ දැමූ අනාගතවක්තෘවූ යෙරෙමියාට ඔවුන් කළ සියල්ල නපුරුය; ඔහු සිටින තැනදී බඩගින්නෙන් මැරෙනවා ඇත. මක්නිසාද නුවර තවත් කෑමට රොටි නැතැයි කීය.
2 කොරින්ති 11:27 - Sinhala Revised Old Version වැඩ සහ වෙහෙසීම්වලටද, නොයෙක්විට නිදිමැරීමටද, ක්ෂුධාව සහ පිපාසයටද, නොයෙක්විට නිරාහාරව සිටීමටද, ශීතලයටද, නග්නභාවයටද පැමිණියෙමි. Sinhala New Revised Version මහත් දුෂ්කරතා මැද මම වෙහෙස මහන්සි වී වැඩ කෙළෙමි. නොයෙක් විට නිදි නොලැබ සිටියෙමි; සාගින්නෙන් ද පිපාසයෙන් ද පෙළුණෙමි; බොහෝ විට ආහාර ද ඉඳුම්හිටුම් ද ඇඳුම්පැළඳුම් ද නැති ව සිටියෙමි. සිංහල කාලීන පරිවර්තනය වෙහෙසීම් හා අපහසුතා ද අනේක රෑ නිදිවැරීම් ද සා ගින්නෙන් හා පිපාසයෙන් ද බොහෝ විට ආහාර නො මැතිව ද ශීතලෙන් හා ඇඳුම් නො මැතිව ද සිට ඇත්තෙමි. Sinhala New Revised Version 2018 මහත් දුෂ්කරතා මැද මම වෙහෙස මහන්සි වී වැඩ කෙළෙමි. නොයෙක් විට නිදි නොලැබ සිටියෙමි; සාගින්නෙන් ද පිපාසයෙන් ද පෙළුණෙමි; බොහෝ විට ආහාර ද ඉඳුම්හිටුම් ද ඇඳුම්පැළඳුම් ද නැති ව සිටියෙමි. |
මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මේ මනුෂ්‍යයන් විසින් වළේ දැමූ අනාගතවක්තෘවූ යෙරෙමියාට ඔවුන් කළ සියල්ල නපුරුය; ඔහු සිටින තැනදී බඩගින්නෙන් මැරෙනවා ඇත. මක්නිසාද නුවර තවත් කෑමට රොටි නැතැයි කීය.
ඔව්හු සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල්ලන් පත්කොට, නිරාහාරයෙන් ඉඳ යාච්ඤා කොට, තමුන් අදහාගත් ස්වාමීන්වහන්සේට ඔවුන් භාරදී,
එබැවින් මා තුන් අවුරුද්දක් මුළුල්ලෙහි රෑ දාවල් දෙකේ කඳුළුවලින් යුක්තව සියල්ලන්ට නිරතුරු අවවාද දුන් බව සිහිකොට, අවදිව සිටින්න.
යාච්ඤාවේ යෙදීසිටීම පිණිස, දෙදෙනාගේ කැමැත්ත ඇතුව, කලකට වෙන්ව සිටිනවා මිස, නැත්නම් වෙන්ව නොසිටින්න. එසේ කළොත් නුඹලාගේ කාම ආශාව මැඩපවත්වාගන්ට බැරි නිසා, සාතන් නුඹලා පරීක්ෂා නොකරන පිණිස නැවත එක්වෙන්න.
ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝද? මම වැඩිවශයෙන් එසේයයි සිහිමුළාවූ කෙනෙකු මෙන් කියමි. එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යාමෙනුත්, අප්‍රමාණලෙස පහරකෑමෙනුත්, බොහෝ වර මරණ උපද්‍රවයෙනුත් යන මේවායින්ය.
පහරකෑම්වලින්ද හිරඅඩස්සිවීම්වලින්ද කෝලාහලවලින්ද වෙහෙසවලින්ද නිදිමැරීම්වලින්ද නිරාහාරව සිටීම්වලින්ද;
පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි.
මක්නිසාද, සහෝදරයෙනි, අපේ වීර්යයත් වෙහෙසත් නුඹලාට මතක තිබේ. අපි නුඹලාගෙන් කිසිවෙකුට බර නොවන පිණිස රෑ දාවල් වැඩකරමින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට දේශනා කෙළෙමුව.
කාගෙන්වත් කෑම නිකමට නොකා, නුඹලාගෙන් කාටවත් බරක් නොවන පිණිස වීර්යය හා වෙහෙසින් යුක්තව රෑ දාවල් වැඩකළෙමුව.
ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකම්ද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය.