එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.
2 කොරින්ති 10:9 - Sinhala Revised Old Version [එසේ කියන්නේ] මම මාගේ ලියුම්වලින් නුඹලා භයගන්වන්නාක් මෙන් නොපෙනෙන පිණිසය. Sinhala New Revised Version මාගේ ලියුම්වලින් ඔබ බියගැන්වීමට උත්සාහ කරනවා යයි නොසිතන්න. සිංහල කාලීන පරිවර්තනය මගේ ලිපිවලින් මා ඔබ බිය ගන්වතැයි පෙන්වීමට මට වුවමනා නැත. Sinhala New Revised Version 2018 මාගේ ලියුම්වලින් ඔබ බියගැන්වීමට උත්සාහ කරනවා යයි නොසිතන්න. |
එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.
මක්නිසාද: ඔහුගේ ලියුම් නම් බරපතළය, බලවත්ය; නුමුත් ළඟ සිටින විට ශරීරාකාරය දුර්වලය, කථාවද සුළුයයි ඔව්හු කියති.
මක්නිසාද (නුඹලා බිඳහෙළීම පිණිස නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ අපට දුන්) බලය ගැන මම ටිකක් වැඩිවශයෙන් පාරට්ටුකරතත් ලජ්ජා නොවන්නෙමි.