Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 10:8 - Sinhala Revised Old Version

8 මක්නිසාද (නුඹලා බිඳහෙළීම පිණිස නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ අපට දුන්) බලය ගැන මම ටිකක් වැඩිවශයෙන් පාරට්ටුකරතත් ලජ්ජා නොවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 විනාශයට නොව ගොඩනැඟීම පිණිස සමිඳාණන් වහන්සේ මට දුන් ආධිපත්‍යය ගැන මම සමහර විට පමණට වඩා පාරට්ටු කරගත්තත්, ඒ ගැන ලජ්ජා නොවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 මන්ද ඔබ බිඳහෙළීමට නො ව, ගොඩ නැගීමට ස්වාමින්වහන්සේ අපට දුන් ආධිපත්‍යය ගැන මා මදක් වැඩියෙන් පාරට්ටු කරගන්නා නමුදු, ඒ ගැන මා ලජ්ජා වන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 විනාශයට නොව ගොඩනැඟීම පිණිස සමිඳාණන් වහන්සේ මට දුන් ආධිපත්‍යය ගැන මම සමහර විට පමණට වඩා පාරට්ටු කරගත්තත්, ඒ ගැන ලජ්ජා නොවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 10:8
12 හුවමාරු යොමු  

මේ නිසා, බිඳ හෙළීමට නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ මට දුන් බලය ලෙස මා නුඹලා ළඟ සිටින විට සැරකම පාවිච්චි නොකරන පිණිස, ඈත්ව සිටින විට මේ දේවල් ලියා එවමි.


ඒ කාරණය නිසා මේ දේවලුත් විඳීමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම්කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාසකරගන සිටිමි.


මනුෂ්‍යයන් කෙරෙන්වත් මනුෂ්‍යයා කරණකොටගෙනවත් නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු පියවූ දෙවියන්වහන්සේ කරණකොටගෙන ප්‍රේරිතයෙක් වන පාවුල් නම් මා විසින්ද,


මක්නිසාද සැබෑව උදෙසා මිස සැබෑවට විරුද්ධව කිසිවක් කරන්නට අපට බැරිය.


එහෙත් මම පාරට්ටුකරගන්ට කැමතිවෙතත් අඥානයෙක් නොවන්නෙමි. මක්නිසාද මම ඇත්ත කියන්නෙමි. එසේවී නුමුත් මා කෙරෙහි දකින දේට නොහොත් මාගෙන් අසන දේට වඩා මම උතුමැයි කිසිවෙකු නොසිතන පිණිස එයින් වලකිමි.


එහෙත් නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමුව.


එසේය, මම නුඹලා ගැන පාරට්ටුකර ඔහුට යමක් කීවෙම් නම්, මම ලජ්ජාවට පමුණුවනු නොලැබුවෙමි; එහෙත් අප නුඹලාට සැබෑකමින් සියල්ල කී හැටියටම තීතස් ඉදිරියෙහි අප විසින් නුඹලා ගැන කළ පාරට්ටුවත් සැබෑවුණේය.


නුඹලා කෙරෙහි තිබෙන මාගේ විශ්වාසය මහත්ය, නුඹලා ගැන මාගේ පාරට්ටුකිරීම මහත්ය. සැනසිල්ලෙන් පූර්ණව සිටිමි, අපේ සියලු දුක්වලදී ප්‍රීතියෙන් පිනමි.


(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)


[එසේ කියන්නේ] මම මාගේ ලියුම්වලින් නුඹලා භයගන්වන්නාක් මෙන් නොපෙනෙන පිණිසය.


අපිම නුඹලා ඉදිරියෙහි නිදොස්වන්ට උත්සාහකරමුයයි මෙපමණ කල් නුඹලා සිතන්ට ඇත. අප කථාකරන්නේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළය. නුමුත්, ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල නුඹලාගේ වර්ධනයවීම පිණිසය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්