එහෙත් මම ඇවිත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාසනොකෙළෙමි. සැබවින් අර්ධයක්වත් මට නොකියන ලද්දේය. ඔබගේ ප්‍රඥාවත් යසසත් අභිවෘද්ධියත් මා ඇසූ කීර්තියට වඩා මහත්ව තිබේ.
2 ලේකම් 9:6 - Sinhala Revised Old Version එසේ වී නුමුත් ඇවිත් මාගේම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබගේ ප්‍රඥාවේ මහත්කමෙන් අර්ධයක්වත් මට නොකියනලද්දේය. මා ඇසූ කීර්ති ප්‍රමාණයටත් වඩා ඔබ උසස්ව සිටිනෙහිය. Sinhala New Revised Version එසේ වී නමුත්, මා අවුත් මාගේ ම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබේ ප්‍රඥා මහිමයේ විශාලත්වයෙන් අර්ධයක් වත් මට නොකියන ලද්දේ ය. මා ඇසූ කීර්තියේ පමණටත් වඩා ඔබ උසස් ව සිටින්නෙහි ය. Sinhala New Revised Version 2018 එසේ වී නමුත්, මා අවුත් මාගේ ම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබේ ප්‍රඥා මහිමයේ විශාලත්වයෙන් අර්ධයක් වත් මට නොකියන ලද්දේ ය. මා ඇසූ කීර්තියේ පමණටත් වඩා ඔබ උසස් ව සිටින්නෙහි ය. |
එහෙත් මම ඇවිත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාසනොකෙළෙමි. සැබවින් අර්ධයක්වත් මට නොකියන ලද්දේය. ඔබගේ ප්‍රඥාවත් යසසත් අභිවෘද්ධියත් මා ඇසූ කීර්තියට වඩා මහත්ව තිබේ.
මක්නිසාද ඔහු සියලු මනුෂ්‍යයන්ටද එශ්‍රාහිය ඒතාන්ටද මාහොල්ගේ පුත්‍රයන්වූ හේමන්ටද කල්කොල්ටද දර්දාටද වඩා ප්‍රඥාවන්තව සිටියේය. ඔහුගේ කීර්තියද අවට සිටි සියලු ජාතීන් අතරේ පතළවී ගියේය.
ඔහුගේ ප්‍රඥාව ගැන ඇසුවාවූ පොළොවේ සියලු රජුන් වෙතින් සියලු වර්ගයන් කෙරෙන් මනුෂ්‍යයෝ සාලමොන්ගේ ප්‍රඥාව අසන්ට ආවෝය.
ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, ඔබ ඉදිරියෙහි නිතරම සිට ඔබගේ ප්‍රඥාව අසන ඔබගේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝය.
ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ, ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියෙහි ඔබ කළාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!
එසේය, උන්වහන්සේගේ යහපත්කම කොපමණ මහත්ද! උන්වහන්සේගේ අලංකාරකම කොපමණ මහත්ද! ධාන්‍යයෙන් තරුණයෝද අලුත් මිදිරසින් තරුණියෝද සමෘද්ධවන්නෝය.
නුමුත් ලියා තිබෙන ලෙස: දෙවියන්වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම්කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමින්නේය.
ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව.