Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 9:6 - Sinhala New Revised Version 2018

6 එසේ වී නමුත්, මා අවුත් මාගේ ම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබේ ප්‍රඥා මහිමයේ විශාලත්වයෙන් අර්ධයක් වත් මට නොකියන ලද්දේ ය. මා ඇසූ කීර්තියේ පමණටත් වඩා ඔබ උසස් ව සිටින්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එසේ වී නමුත්, මා අවුත් මාගේ ම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබේ ප්‍රඥා මහිමයේ විශාලත්වයෙන් අර්ධයක් වත් මට නොකියන ලද්දේ ය. මා ඇසූ කීර්තියේ පමණටත් වඩා ඔබ උසස් ව සිටින්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 එසේ වී නුමුත් ඇවිත් මාගේම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබගේ ප්‍රඥාවේ මහත්කමෙන් අර්ධයක්වත් මට නොකියනලද්දේය. මා ඇසූ කීර්ති ප්‍රමාණයටත් වඩා ඔබ උසස්ව සිටිනෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 9:6
11 හුවමාරු යොමු  

එසේ ය, එය කොපමණ සාරවත්, අලංකාරවත් දේශයක් වන්නේ ද! ධාන්‍යයෙන් එහි වෙසෙන තරුණයෝ ද මිදියුසෙන් එහි වෙසෙන තරුණියෝ ද ශක්ති සම්පන්න වන්නෝ ය.”


දේව ගරුබිය ඇත්තන් උදෙසා තබා ඇති ඔබේ ගුණවත්කම කොතරම් ද? ඔබ කෙරේ විශ්වාසය තැබූ අය වෙත එය කොතරම් මහත් ලෙස පෙනේ ද?


ඈ රජුට කතා කොට, “මාගේ දේශයේ දී මා ඔබේ ප්‍රඥා මහිමය ද ඔබ ද ගැන ඇසූ ප්‍රවෘත්තිය සැබෑ ය.


එහෙත්, මම අවුත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාස නොකෙළෙමි. සැබැවින් ම අඩක් වත් මට නොකියන ලද්දේ ය. ඔබේ ප්‍රඥා මහිමයත්, සෞභාග්‍යයත් මා ඇසූ කීර්තියේ ප්‍රමාණයටත් වඩා උසස් ව තිබේ.


විවිධ ජාතීහු සලමොන්ගේ ප්‍රඥාව ඇසීමට පැමිණියෝ ය. ඔහුගේ ප්‍රඥාව ගැන ඇසූ පොළොවේ භූපතීන්ගෙන් ඔහු තෑගිබෝග ලැබුවේ ය.


මන්ද, ඔහු සියලු මිනිසුන්ට ද එස්රාහීය ජාතික ඒතාන්ට ද මාහොල් නමැත්තාගේ පුත්‍රයන් වන හේමන්ට ද කල්කොල්ට ද දර්දාට ද වඩා ප්‍රඥාවන්ත ව සිටියේ ය. ඔහුගේ කීර්තිය අවට සිටි සියලු ජාතීන් අතරේ පතළ වී ගියේ ය.


ප්‍රේමවන්තයෙනි, අපි දැනට ම දෙවියන් වහන්සේගේ දරුවෝ ය. එහෙත් අනාගතයේ දී අපි කොයි ආකාර අය වන්නෙමු දැ යි තව ම ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් උන් වහන්සේ ප්‍රකාශ වන විට අපි උන් වහන්සේට සමාන වන බව දනිමු. මන්ද, උන් වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙහි ම අපි උන් වහන්සේ දකින්නෙමු.


ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට උන් වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නුදුටු, කණින් නොඇසූ, සිතින් නොසිතූ දෙයකි.”


ඔබේ භාර්යාවෝ වාසනාවන්තියෝ ය. ඔබ ඉදිරියෙහි නිතර ම සිට ඔබේ ප්‍රඥාව අසන ඔබේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්