තවද ඔහුගේ රජකමේ නවවෙනි අවුරුද්දේ දහවෙනි මාසයේ දහවෙනිදා බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඊට විරුද්ධව කඳවුරු බැඳ, වටකරින් ඊට විරුද්ධව කොටු ගොඩනැගුවේය.
2 ලේකම් 36:11 - Sinhala Revised Old Version සෙදෙකියා විසිඑක් අවුරුදු වයසේදී රජවී, එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. Sinhala New Revised Version ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී, එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. Sinhala New Revised Version 2018 ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී, එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. |
තවද ඔහුගේ රජකමේ නවවෙනි අවුරුද්දේ දහවෙනි මාසයේ දහවෙනිදා බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඊට විරුද්ධව කඳවුරු බැඳ, වටකරින් ඊට විරුද්ධව කොටු ගොඩනැගුවේය.
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ දවස්වලදීද යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ ශෙදෙකියාගේ එකොළොස්වෙනි අවුරුද්දේ කෙළවර දක්වා, එනම් පස්වෙනි මාසයේ යෙරුසලමේ වැසියන් දාස කොට අල්ලා ගෙනයාම දක්වාද, ඒ පණිවුඩය පැමිණියේය.
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී මේ වචනය ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණියේය.
තවද යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ පටන්ගැන්මෙහි එම අවුරුද්ද වන සතරවෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේදී අස්සූර්ගේ පුත්‍රවූ, ගිබියොන්හි පදිංචි ප්‍රොපේතවූ හනනියා ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී පූජකයන් සහ මුළු සෙනඟ ඉදිරියෙහි මට කථාකොට:
නුමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: දාවිත්ගේ සිංහාසනයෙහි ඉන්න රජු ගැනද නුඹලා සමඟ දාසකමට ගෙනයනු නොලැබූ නුඹලාගේ සහෝදරයන් වන මේ නුවර වාසයකරන මුළු සෙනඟ ගැනද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ගොස් යූදාහි රජවූ ශෙදෙකියාට කථාකොට මෙසේ කියන්න–ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර බබිලෝනියේ රජු අතට පාවාදෙමි, ඔහු ඒක ගින්නෙන් දවාදමන්නේය.
නුමුත් ඔහුවත් ඔහුගේ සේවකයෝවත් දේශයේ සෙනඟවත් ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනවලට ඇහුම්කන් නුදුන්නෝය.