Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 36:12 - Sinhala Revised Old Version

12 ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය; ස්වාමීන්වහන්සේගේ වචන කී අනාගතවක්තෘවූ යෙරෙමියා ඉදිරියෙහි ඔහු යටහත්වුණෙත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔහු තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ වචන කී දිවැසිවරයා වූ ජෙරමියා ඉදිරියෙහි ඔහු යටහත් වූයේත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔහු තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ වචන කී දිවැසිවරයා වූ ජෙරමියා ඉදිරියෙහි ඔහු යටහත් වූයේත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 36:12
16 හුවමාරු යොමු  

ඔහුගේ පියවූ මනස්සේ යටහත් වුණාක්මෙන් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටහත් නොවීය; මක්නිසාද මෙම ආමොන් වඩ වඩා අපරාධකෙළේය.


එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න;


ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහත්වෙන්න, එවිට උන්වහන්සේ නුඹලා උසස්කරනසේක.


මම යූදාහි රජවූ ශෙදෙකියාට මේ සියලු වචනවල හැටියට කථාකොට: බබිලෝනියේ රජුගේ වියගහේ නුඹලාගේ බෙල්ල තබා, ඔහුට සහ ඔහුගේ සෙනඟටත් සේවයකර ජීවත්වෙන්න.


නුමුත් යොෂියා නෙකෝ කී දෙවියන්වහන්සේගේ වචනය නාසා, ඔහු වෙතින් අහක්ව නොගොස්, ඔහු සමඟ යුද්ධකරන පිණිස, වෙස් මාරුකරගන, මෙගිද්දෝ මිටියාවතෙහි සටනට පැමුණුණේය.


ඔහුගේ යාච්ඤාවද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දුන් හැටිද ඔහුගේ සියලු පාපයන්ද ඔහුගේ ද්‍රෝහිකමද ඔහු යටහත්වෙන්ට පළමුවෙන් උස්තැන් ගොඩනැගුවාවූ, අෂේරා කණු සහ කැපූ රූප සිටෙවුවාවූ ස්ථානද හෝසයිගේ කථාන්තර පොතෙහි ලියා තිබේ.


ඔහු තමාගේ විපතේදී තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කොට, තමාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත්වී,


නුමුත් තමාගේ සිතේ උඩඟුකම ගැන හෙසකියාද යෙරුසලමේ වැසියන්ද යටත්වූ නිසා හෙසකියාගේ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් පිටට නොපැමිණියේය.


මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට ගොස්: හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ කොතෙක් කල් මා ඉදිරියෙහි යටත්නොවී සිටින්නෙහිද? මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.


බෙන්යමින් රටේ අනාතෝත්හි විසූ පූජකයන්ගෙන් එක්කෙනෙක්වූ හිල්කියාගේ පුත්‍රවූ යෙරෙමියාගේ වචනයි.


ඔහු යෙහෝයාකීම් කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්