එවිට අබියා යුද්ධයට බලවන්තයන්වූ තෝරාගත් මනුෂ්‍යයන් සාරලක්ෂයකින් යුත් සේනාවක් ඇතුව යුද්ධ ආරම්භකෙළේය. යෙරොබොවම්ද ඔහුට විරුද්ධව බලසම්පන්න තෝරාගත් මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇතුව යුද්ධ පිළිවෙළින් සිටියේය.
2 ලේකම් 26:12 - Sinhala Revised Old Version බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පියවංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන දෙදාස් හසියයක්ය. Sinhala New Revised Version බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන දෙදස් හයසියයක් ය. Sinhala New Revised Version 2018 බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන දෙදස් හයසියයක් ය. |
එවිට අබියා යුද්ධයට බලවන්තයන්වූ තෝරාගත් මනුෂ්‍යයන් සාරලක්ෂයකින් යුත් සේනාවක් ඇතුව යුද්ධ ආරම්භකෙළේය. යෙරොබොවම්ද ඔහුට විරුද්ධව බලසම්පන්න තෝරාගත් මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇතුව යුද්ධ පිළිවෙළින් සිටියේය.
යුද්ධයට යන්නාවූ සේනාවක්ද උස්සියාට සිටියාය. ලේකම් වන යෙයියෙල් විසින්ද මුලාදෑනියාවූ මයසේයා විසින්ද ඔවුන් ගණන් කළ ගණනේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙක්වූ හනනියාගේ අත යටතේ හමුදා වශයෙන් සේවයට පිටත්ව ගියෝය.
ඔවුන් යටතේ සතුරාට විරුද්ධව රජුට උදව්වන පිණිස බලවත් ලෙස යුද්ධකරන මිනිසුන් තුන්ලක්ෂ හත්දාස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් සිටියාය.
අර්තක්ෂස්තා රජුගේ රජකම්කිරීමේදී මා සමඟ බබිලෝනියේ සිට ආවාවූ අයගේ පියවංශවල ප්‍රධානීහු මොව්හුය. ඔවුන්ගේ පෙළපත් ලේඛනයත් මෙසේය.