Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 26:11 - Sinhala Revised Old Version

11 යුද්ධයට යන්නාවූ සේනාවක්ද උස්සියාට සිටියාය. ලේකම් වන යෙයියෙල් විසින්ද මුලාදෑනියාවූ මයසේයා විසින්ද ඔවුන් ගණන් කළ ගණනේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙක්වූ හනනියාගේ අත යටතේ හමුදා වශයෙන් සේවයට පිටත්ව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 යුද්ධයට පුහුණු වූ සේනාවක් ද උශ්ශියාට සිටියේ ය. ලේකම් වන ජෙයීයෙල් විසින් ද නිලධාරියා වූ මයසේයා විසින් ද ඔවුන් ගණන් කරන ලද සංඛ්‍යවේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙකු වූ හනනියාගේ පාලනය යටතේ හමුදා වශයෙන් සේවයට පිටත් ව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 යුද්ධයට පුහුණු වූ සේනාවක් ද උශ්ශියාට සිටියේ ය. ලේකම් වන ජෙයීයෙල් විසින් ද නිලධාරියා වූ මයසේයා විසින් ද ඔවුන් ගණන් කරන ලද සංඛ්‍යවේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙකු වූ හනනියාගේ පාලනය යටතේ හමුදා වශයෙන් සේවයට පිටත් ව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 26:11
3 හුවමාරු යොමු  

සිරියවරුන් හමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඉශ්‍රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය; ඈ නාමන්ගේ භාර්යාවට සේවයකළාය.


ඔහුට පාත රටෙහිත් සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු කාන්තාරයෙහි මුර කොටු ගොඩනගා බොහෝ ජලාසයන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට ප්‍රසන්නව සිටි බැවින් කඳුවලත් සරු කෙත්වලත් ගොවියෝද මිදිවතු වවන්නෝද ඔහුට සිටියෝය.


බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පියවංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන දෙදාස් හසියයක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්