Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 13:3 - Sinhala Revised Old Version

3 එවිට අබියා යුද්ධයට බලවන්තයන්වූ තෝරාගත් මනුෂ්‍යයන් සාරලක්ෂයකින් යුත් සේනාවක් ඇතුව යුද්ධ ආරම්භකෙළේය. යෙරොබොවම්ද ඔහුට විරුද්ධව බලසම්පන්න තෝරාගත් මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇතුව යුද්ධ පිළිවෙළින් සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එවිට අබියා යුද්ධයට බලවන්ත, තෝරාගත් මනුෂ්‍යයන් හාරලක්ෂයකින් යුත් සේනාවක් ඇති ව යුද්ධාරම්භ කෙළේ ය. ජෙරොබෝවම් ද ඔහුට විරුද්ධ ව තෝරාගත් බලසම්පන්න මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇති ව යුද්ධයට සැරසී පිළිවෙළින් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එවිට අබියා යුද්ධයට බලවන්ත, තෝරාගත් මනුෂ්‍යයන් හාරලක්ෂයකින් යුත් සේනාවක් ඇති ව යුද්ධාරම්භ කෙළේ ය. ජෙරොබෝවම් ද ඔහුට විරුද්ධ ව තෝරාගත් බලසම්පන්න මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇති ව යුද්ධයට සැරසී පිළිවෙළින් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 13:3
9 හුවමාරු යොමු  

රෙහොබොවම් යෙරුසලමට පැමුණුණ විට, තමාට රාජ්‍යය නැවත ලබාගන්ට ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස ඔහු යූදා වංශයද බෙන්යමින් වංශයද වන තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූදහසක් රැස්කෙළේය.


යෙරුසලමට ඇවිත්, ගණන්ගත් සෙනඟගේ මුළු ගණන දාවිත්ට දුන්නේය. කඩුව පාවිච්චිකරන ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් සියල්ලෝ එකොළොස් ලක්ෂයක්ය. කඩුව පාවිච්චිකරන යූදා මනුෂ්‍යයෝ හාරලක්ෂ සැත්තෑ දහසක්ය.


අබියාම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? අබියාම් සහ යෙරොබොවම් අතරේ යුද්ධ පැවතුණේය.


තුන් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මීකායාය, ඈ ගිබියාහි උරියෙල්ගේ දුවෙක්ය. අබියාද යෙරොබොවම්ද අතරේ යුද්ධ තිබුණේය.


එවිට අබියා එප්‍රායිම් කඳු රටේ තිබෙන ශෙමරායිම් කන්ද උඩ සිට කියනුයේ: යෙරොබොවම් සහ සියලු ඉශ්‍රායෙල්වරුනි, මාගේ බස් අසන්න;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්