ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 23:10 - Sinhala Revised Old Version

මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධය අතේ ඇතුව ගෘහයේ දකුණු පැත්තේ සිට ගෘහයේ වම්පැත්ත දක්වා පූජාසනයත් ගෘහයත් ළඟ රජු වටකර සිටෙවුවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව දේව මාලිගාවේ දකුණු පැත්තේ සිට දේව මාලිගාවේ වම් පැත්ත දක්වා පූජාසනයත්, දේව මාලිගාවත් ළඟ රජු වටකර සිටෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව දේව මාලිගාවේ දකුණු පැත්තේ සිට දේව මාලිගාවේ වම් පැත්ත දක්වා පූජාසනයත්, දේව මාලිගාවත් ළඟ රජු වටකර සිටෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 23:10
6 හුවමාරු යොමු  

මුරකාරයෝ එකඑකා තම තමාගේ අතින් ආයුධ රැගෙන ගෘහයේ දකුණු පැත්තේ පටන් වම් පැත්ත දක්වා පූජාසනයත් ගෘහයත් ළඟ රජු වටකර සිටියෝය.


එවිට ඔව්හු රාජ පුත්‍රයා පිටතට ගෙනවුත් ඔහු මත්තෙහි ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දී, ඔහු රජකමට පත්කළෝය. යෙහෝයාදාද ඔහුගේ පුත්‍රයෝද ඔහු ආලේපකොට: රජ සැරදේවයි කීවෝය.


යෙහෝයාදා පූජකයා දෙවියන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු දාවිත් රජුගේ හෙල්ල සහ පලිස්ද මහ පලිස්ද ශතාධිපතීන්ටදී,


එවිට ඔහු මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට තමාගේ අත් විදහා ගත්තේය.


දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපයේ දොරකඩ ඉදිරියෙහි තබන්න.


උන් එකිනෙකාට නොහැපී, තම තමාගේ පාරවලම යන්නෝය. උන් යුද්ධායුධ අතරේ වැටුණත් තුවාලවන්නේ නැත.