Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 11:11 - Sinhala Revised Old Version

11 මුරකාරයෝ එකඑකා තම තමාගේ අතින් ආයුධ රැගෙන ගෘහයේ දකුණු පැත්තේ පටන් වම් පැත්ත දක්වා පූජාසනයත් ගෘහයත් ළඟ රජු වටකර සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මුරකාරයෝ එක් එක්කෙනා තම තමාගේ අතින් ආයුධ රැගෙන මාලිගාවේ දකුණු පැත්තේ පටන් වම් පැත්ත දක්වා පූජාසනයත්, මාලිගාවත් ළඟ රජු වටකර සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මුරකාරයෝ එක් එක්කෙනා තම තමාගේ අතින් ආයුධ රැගෙන මාලිගාවේ දකුණු පැත්තේ පටන් වම් පැත්ත දක්වා පූජාසනයත්, මාලිගාවත් ළඟ රජු වටකර සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 11:11
9 හුවමාරු යොමු  

ලෝකය මැවීමේ පටන් වගුරුවනලද සියලු ප්‍රොපේතවරුන්ගේ ලේ මේ පරම්පරාවෙන් අයකරනු ලබන්නේයයි කීසේක. එසේය, මේ පරම්පරාවෙන් අයකරනු ලබන්නේයයි නුඹලාට කියමි.


මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ නුඹලා විසින් මරනලද බරාකියාගේ පුත්‍රවූ සකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය.


ස්වාමීන්වහන්සේගේ සේවකවූ පූජකයෝ ද්වාරමණ්ඩපය සහ පූජාසනය අතරෙහි සිට අඬමින්: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟට කරුණාකළ මැනව, ඔවුන් කෙරෙහි ජාතීන් විසින් ආණ්ඩුකරන හැටියට ඔබගේ උරුමය නින්දාවට පාවා නුදුන මැනව. ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොතනදැයි ජනයන් අතරේ මක්නිසා කියනු ලබන්නේදැයි කියත්වා.


උන්වහන්සේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුල්මළුවට මා ගෙනාසේක, බලව, එහි මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් පමණ ස්වාමීන්වහන්සේගේ මාළිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ ස්වාමීන්වහන්සේගේ මාළිගාවට තමුන්ගේ පිටද නැගෙනහිරට තමුන්ගේ මුහුණද හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාරකළෝය.


එවිට ඔහු මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට තමාගේ අත් විදහා ගත්තේය.


පූජකයා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේය.


නුඹලා එක එකා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිට පංක්ති ඇතුළට එන තැනැත්තා මරන්ට ඕනෑය. රජ යන එන විට නුඹලා ඔහු සමඟ සිටින්නය කියා ඔවුන්ට අණකෙළේය.


දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපයේ දොරකඩ ඉදිරියෙහි තබන්න.


එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනැවිත් ඔහුගේ හිස පිට ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දුන්නේය; ඔව්හු රජකමට ඔහු ආලේපකොට අත්පොළසන්දී: රජතුමා සැරදේවයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්