ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 21:3 - Sinhala Revised Old Version

ඔවුන්ගේ පියා රන් රිදීද අනර්ඝ දේවල්ද වන බොහෝ තෑගි යූදාහි බලකොටු නුවරවල් ඇතුළුව ඔවුන්ට දුන්නේය. නුමුත් යෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය දුන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන්ගේ පියා රන් රිදී ද අනර්ඝ දේවල් ද වන බොහෝ තෑගි ද ජුදාහි බලකොටු නගර ද ඔවුන්ට දුන්නේ ය. එහෙත්, ජෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය බාර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන්ගේ පියා රන් රිදී ද අනර්ඝ දේවල් ද වන බොහෝ තෑගි ද ජුදාහි බලකොටු නගර ද ඔවුන්ට දුන්නේ ය. එහෙත්, ජෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය බාර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 21:3
5 හුවමාරු යොමු  

නුමුත් ආබ්‍රහම්ට සිටිය උප භාර්යාවන්ගේ පුත්‍රයන්ට ආබ්‍රහම් තෑගිදී ඔහු ජීවත්ව සිටි කල්හිම තමාගේ පුත්‍රවූ ඊසාක් කෙරෙන් ඔවුන් අහක්කර නැගෙනහිර දෙසට එනම් පෙරදිග රටට යන්ට හැරියේය.


ඔහු නුවණින් හැසිර, තමාගේ සියලු පුත්‍රයන්ගෙන් කීපදෙනෙක් යූදාහිත් බෙන්යමින්හිත් පළාත් මුළුල්ලෙහි එනම් සියලු බලකොටු නුවරවලට බෙදා යවා, බොහෝසෙයින් ඔවුන්ට ආහාර දුන්නේය. ඔවුන්ට බොහෝ භාර්යාවන්ද සොයාදුන්නේය.


රෙහොබොවම් යෙරුසලමෙහි වාසයකරමින් ආරක්ෂාව පිණිස යූදාහි නුවරවල් ගොඩනැගුවේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: අධිපතියා තමාගේ පුත්‍රයන්ගෙන් යමෙකුට තෑග්ගක් දුන්නොත්, එය ඔහුගේ උරුමයය, එය ඔහුගේ පුත්‍රයන්ට අයිතිවන්නේය; උරුමවීමෙන් එය ඔවුන්ගේ කොටසය.