Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 11:23 - Sinhala Revised Old Version

23 ඔහු නුවණින් හැසිර, තමාගේ සියලු පුත්‍රයන්ගෙන් කීපදෙනෙක් යූදාහිත් බෙන්යමින්හිත් පළාත් මුළුල්ලෙහි එනම් සියලු බලකොටු නුවරවලට බෙදා යවා, බොහෝසෙයින් ඔවුන්ට ආහාර දුන්නේය. ඔවුන්ට බොහෝ භාර්යාවන්ද සොයාදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔහු සිහි නුවණින් හැසිර තමාගේ සියලු පුත්‍රයන්ට වගකීම් පවරා දී ඔවුන්ගෙන් කීප දෙනෙකු ජුදාහිත්, බෙන්ජමින්හිත් පළාත් මුළුල්ලෙහි සියලු බලකොටු නගරවලට බෙදා යැවී ය. තවද, බොහෝ සෙයින් ඔවුන්ට ආහාර සපයා දුන්නේ ය. ඔවුන්ට බොහෝ භාර්යාවන් ද සොයා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔහු සිහි නුවණින් හැසිර තමාගේ සියලු පුත්‍රයන්ට වගකීම් පවරා දී ඔවුන්ගෙන් කීප දෙනෙකු ජුදාහිත්, බෙන්ජමින්හිත් පළාත් මුළුල්ලෙහි සියලු බලකොටු නගරවලට බෙදා යැවී ය. තවද, බොහෝ සෙයින් ඔවුන්ට ආහාර සපයා දුන්නේ ය. ඔවුන්ට බොහෝ භාර්යාවන් ද සොයා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 11:23
8 හුවමාරු යොමු  

අධර්මිෂ්ඨ ගබඩාකාරයා නුවණින් ක්‍රියාකළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසාකළේය. මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය.


ඔවුන්ගේ පියා රන් රිදීද අනර්ඝ දේවල්ද වන බොහෝ තෑගි යූදාහි බලකොටු නුවරවල් ඇතුළුව ඔවුන්ට දුන්නේය. නුමුත් යෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය දුන්නේය.


නුමුත් ආබ්‍රහම්ට සිටිය උප භාර්යාවන්ගේ පුත්‍රයන්ට ආබ්‍රහම් තෑගිදී ඔහු ජීවත්ව සිටි කල්හිම තමාගේ පුත්‍රවූ ඊසාක් කෙරෙන් ඔවුන් අහක්කර නැගෙනහිර දෙසට එනම් පෙරදිග රටට යන්ට හැරියේය.


රෙහොබොවම් යෙරුසලමෙහි වාසයකරමින් ආරක්ෂාව පිණිස යූදාහි නුවරවල් ගොඩනැගුවේය.


රෙහොබොවම් වනාහි මයකාගේ පුත්‍රවූ අබියා රජකමට පත්කරන්නට සිතා ඔහු ඔහුගේ සහෝදරයන් අතරේ අධිපතියා කොට ප්‍රධානකමට පත්කෙළේය.


තවද රෙහොබොවම්ට රාජ්‍යය ස්ථිරවී ඔහු බලවත්වූ කල්හි, ඔහුත් සියලු ඉශ්‍රායෙල්වරුත් ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්