තවද දාවිත් ඉශ්‍රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස්කරන්ට අණකොට, දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස හතරැස් ගල් කපන්ට ගල්වඩුවන් පත්කෙළේය.
2 ලේකම් 2:17 - Sinhala Revised Old Version සාලමොන් ඉශ්‍රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් තමාගේ පියවූ දාවිත් ඔවුන් ගණන් කළ ලෙස නැවත ගණන්කෙළේය; ඔව්හු එක්ලක්ෂ පනස් තුන්දාස් හසියයක් වූවෝය. Sinhala New Revised Version සලමොන් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් තමාගේ පිය වූ දාවිත් ඔවුන් ගණන් කළ ලෙස නැවත ඔවුන් ගණන් කෙළේ ය. ඔව්හු එක්ලක්ෂ පණස්තුන්දාස් හයසියයක් වූවෝ ය. Sinhala New Revised Version 2018 සලමොන් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් තමාගේ පිය වූ දාවිත් ඔවුන් ගණන් කළ ලෙස නැවත ඔවුන් ගණන් කෙළේ ය. ඔව්හු එක්ලක්ෂ පනස්තුන්දාස් හයසියයක් වූවෝ ය. |
තවද දාවිත් ඉශ්‍රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස්කරන්ට අණකොට, දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස හතරැස් ගල් කපන්ට ගල්වඩුවන් පත්කෙළේය.
බර අදින පිණිස මිනිසුන් සැත්තෑ දහසක්ද කඳුවල ලී කපන මිනිසුන් අසූ දහසක්ද ඔවුන් කෙරෙහි මුලාදෑනීන් තුන්දහස් හසියයක්ද නියමකෙළේය.