සියලු ප්‍රොපේතවරුද එසේම අනාගතවාක්‍ය කියමින්: රාමොත්-ගිලියද්ට ගොස් සඵලවුණ මැනවි. ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.
2 ලේකම් 18:12 - Sinhala Revised Old Version මීකායා කැඳවාගෙන එන්ට ගිය පණිවිඩකාරයා ඔහුට කථාකොට: බලව, ප්‍රොපේතවරුන්ගේ වචන එක ලෙසම රජු ගැන යහපත්ව තිබේ. ඒ නිසා නුඹේ වචනයත් ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ වචනය මෙන් වෙන පිණිස යහපත කියන්නැයි කීවේය. Sinhala New Revised Version මීකායා කැඳවාගෙන එන්න ගිය පණිවුඩකාරයා ඔහුට කතා කොට, “බලන්න, දිවැසිවරුන්ගේ වචනවලින් එක ලෙස ම රජු ගැන සුබ දෙයක් ම කියැවේ. ඒ නිසා ඔබේ වචනයත් ඔවුන්ගෙන් කෙනෙකුගේ වචන ම මෙන් වන පිණිස, සුබ දෙයක් ම කියන්නැ”යි කීවේ ය. Sinhala New Revised Version 2018 මීකායා කැඳවාගෙන එන්න ගිය පණිවුඩකාරයා ඔහුට කතා කොට, “බලන්න, දිවැසිවරුන්ගේ වචනවලින් එක ලෙස ම රජු ගැන සුබ දෙයක් ම කියැවේ. ඒ නිසා ඔබේ වචනයත් ඔවුන්ගෙන් කෙනෙකුගේ වචන ම මෙන් වන පිණිස, සුබ දෙයක් ම කියන්නැ”යි කීවේ ය. |
සියලු ප්‍රොපේතවරුද එසේම අනාගතවාක්‍ය කියමින්: රාමොත්-ගිලියද්ට ගොස් සඵලවුණ මැනවි. ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.
මීකායාද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මාගේ දෙවියන්වහන්සේ කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.
නුඹ කථාකොට: දෙවියන්වහන්සේ දන්නේ කුමක්ද? ඝනාන්ධකාරය මැදින් සිට උන්වහන්සේට විනිශ්චයකරන්ට පුළුවන්ද?
ඔහු කථාකොට: දෙවියන්වහන්සේට මතකනැතිවිය; උන්වහන්සේ මුහුණ සඟවාගන්නාසේක; උන්වහන්සේ කිසිකලෙක එය නොදක්නේයයි සිතින් කියයි.
ඔව්හු දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:
බෙතෙල්හි නම් නැවත තවත් අනාගතවාක්‍ය නොකියන්න. මක්නිසාද එය රජුගේ ශුද්ධස්ථානයය, එය රාජ ගෘහයයයි කීවේය.
සුළඟද වංචාවද ඇතුව ඇවිදින මනුෂ්‍යයෙක්: මම මුද්‍රිකපානයත් සුරාපානයත් ගැන නුඹට අනාගතවාක්‍ය පවසන්නෙමියි කියා බොරු කියන්නේ නම්, ඔහු මේ සෙනඟගේ අනාගතවක්තෘ වන්නේය.
අනාගතවාක්‍ය නොපවසන්නැයි ඔව්හු අනාගතවාක්‍ය කියති. නින්දාවල් පහව නොයන්නේයයි ඔව්හු කියති.