Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 18:11 - Sinhala Revised Old Version

11 සියලු ප්‍රොපේතවරුද එසේම අනාගතවාක්‍ය කියමින්: රාමොත්-ගිලියද්ට ගොස් සඵලවුණ මැනවි. ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 සියලු දිවැසිවරු එසේ ම දිවැස් වැකි කියමින්, “රාමොත්-ගිලියද්ට ගොස් ජයගත මැනව. සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 සියලු දිවැසිවරු එසේ ම දිවැස් වැකි කියමින්, “රාමොත්-ගිලියද්ට ගොස් ජයගත මැනව. සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 18:11
11 හුවමාරු යොමු  

එකල මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාරකළවුන් රැවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබුවෝය.


මොව්හු මැසිවිලි කියන්නෝය, කොඳුරන්නෝය, තමුන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙන්නෝය, (ඔවුන්ගේ කටින් මහත් උඩඟු වචන කියමින්,) ප්‍රයෝජනය පිණිස මනුෂ්‍යයන්ගේ තරාතිරම් සලකන්නෝය.


මාගේ සෙනඟ මුළාකරවන්නාවූ, තමුන්ගේ දත්වලින් හපාකන අතර: සමාදානයයයි මොරගසන්නාවූ, තමුන්ගේ කටට කෑම නොදෙන අයට විරුද්ධව යුද්ධයට පේවෙන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:


මීකායා කැඳවාගෙන එන්ට ගිය පණිවිඩකාරයා ඔහුට කථාකොට: බලව, ප්‍රොපේතවරුන්ගේ වචන එක ලෙසම රජු ගැන යහපත්ව තිබේ. ඒ නිසා නුඹේ වචනයත් ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ වචනය මෙන් වෙන පිණිස යහපත කියන්නැයි කීවේය.


එකල ඉශ්‍රායෙල් රජ ගණනින් හාරසියයක්වූ ප්‍රොපේතවරුන් රැස්කොට: අප යුද්ධ පිණිස රාමොත්-ගිලියද්ට යන්ටද නොහොත් මා නොගොස් සිටින්ටදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හුද: ගිය මැනවි; දෙවියන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.


රාමොත්-ගිලියද්හි සිටිය බෙන්-ගෙබර්ය. ගිලියද්හි තිබෙන්නාවූ, මනස්සේගේ පුත්‍රවූ යායිර්ගේ නුවරවලුත් පවුරුද පිත්තල අගුල්ද ඇති මහා නුවරවල් හැටක් සහිත බාෂාන්හි අර්ගොබ් පළාතත් ඔහුට වැටුණේය.


කෙනයනාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් විනාශවන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහිය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්