පණිවිඩකාරයෙක් දාවිත් කරා ඇවිත්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් අබ්සලොම් දෙසට හැරීගියේයයි කීවේය.
2 ලේකම් 10:16 - Sinhala Revised Old Version සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්නි, නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය. Sinhala New Revised Version රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව සියලු ඉශ්රායෙල්වරුන් දුටු කල, ඔව්හු රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක් ද? ජෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත් තුමෙනි, ඔබ ඔබේ ම වංශය බලාගන්නැ”යි කීවෝ ය. මෙසේ සියලු ඉශ්රායෙල්වරු තම තමන්ගේ කූඩාරම්වලට ගියෝ ය. Sinhala New Revised Version 2018 රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව සියලු ඉශ්රායෙල්වරුන් දුටු කල, ඔව්හු රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක් ද? ජෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත් තුමෙනි, ඔබ ඔබේ ම වංශය බලාගන්නැ”යි කීවෝ ය. මෙසේ සියලු ඉශ්රායෙල්වරු තම තමන්ගේ කූඩාරම්වලට ගියෝ ය. |
පණිවිඩකාරයෙක් දාවිත් කරා ඇවිත්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් අබ්සලොම් දෙසට හැරීගියේයයි කීවේය.
තවද දාවිත් අබිෂයිටත් තමාගේ සියලු සේවකයන්ටත් කථාකොට: මා තුළෙන් නික්මුණාවූ මාගේ පුත්‍රයා මා නසන්ට සොයන්නේය. ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්යමියයාට දැන් එසේ කරන්ට බැරිද? ඔහු නිකම් උන්නාවේ, දෙස් කීවාවේ; මක්නිසාද එසේ කරන්ට ස්වාමීන්වහන්සේ ඔහුට කීසේක.
බෙන්යමියයෙක්වූ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ දුර්ජන මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු හොරණෑව පිඹ: දාවිත් තුළ කොටසක්වත් යෙස්සේගේ පුත්‍රයා තුළ කිසි උරුමයක්වත් අපට නැත. ඉශ්‍රායෙල්වරුනි, ඒ ඒ මනුෂ්‍යයා තම තමාගේ කූඩාරම්වලට යේවයි කීය.
නුමුත් මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මා විසින් තෝරාගත් යෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමියි කීසේක.
මාගේ ගෘහයෙහිද මාගේ රාජ්‍යයෙහිද ඔහු සදාකාලේටම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනයද සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.
සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක.
ඒදොමෙන් ඉතිරිවූ කොට්ඨාසයද මාගේ නාමය දරන සියලු ජාතීන්ද ඔවුන් විසින් හිමිකරගන්න පිණිස,
එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය.
එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.
මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොහැසුරුණෝය.
එහෙයින් ඔහු අනාගතවක්තෘ කෙනෙක්ව, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවනසේකැයි දෙවියන්වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව දැනගත්තේය.
යේසුස් වන මම සභාවන් උදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂිදෙන්ට මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ මුල සහ වංශයය, දීප්තිමත් පහන් තාරකාවය.
යෙරුබ්බාල් එනම් ගිඩියොන් ඉශ්‍රායෙල්ට කළ සියලු යහපත්කම්වල හැටියට ඔහුගේ පවුලට කරුණාව පෙන්නුවේවත් නැත.
අමාවකට පසුවදා වන දෙවෙනි දිනත් දාවිත්ගේ ඉඩම හිස්ව තිබුණේය. සාවුල් තමාගේ පුත්‍රවූ යොනාතාන්ට කථාකොට: යෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මක්නිසාදැයි කීවේය.
සාවුල්ද: නුඹත් යෙස්සේගේ පුත්‍රයාත් මට විරුද්ධව කුමන්ත්‍රණය කළේ මක්නිසාද? නුඹ ඔහුට ආහාරද කඩුවක්ද දුන්නෙහිය, අද දවසේ පෙනෙන හැටියට, ඔහු මට විරුද්ධව රැකසිටීමට නැගිටින පිණිස ඔහු උදෙසා දෙවියන්වහන්සේගෙන් විචාළෙහියයි ඔහුට කීවේය.
සාවුල් තමා වෙත සිටි තමාගේ සේවකයන්ට කථාකොට: බෙන්යමින්වරුනි, අසන්න; යෙස්සේගේ පුත්‍රයා නුඹලා හැමදෙනාට කෙත්ද මිදිවතුද දෙනවා ඇද්ද? නුඹලා සියල්ලන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද කරනවා ඇද්ද?
එවිට සාවුල්ගේ මෙහෙකරුවන්ගේ ප්‍රධානියාව සිටිය ඒදොමිය දොවෙග් උත්තරදෙමින්: යෙස්සේගේ පුත්‍රයා නොබ්හි සිටින අහිතුබ්ගේ පුත්‍රවූ අහිමෙලෙක් ළඟට එනවා දුටිමි.