Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 10:19 - Sinhala Revised Old Version

19 මෙසේ අද දවස දක්වා තිබෙන පරිදි ඉශ්‍රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධව කැරළිගැසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 මෙසේ අද දවස දක්වා තිබෙන පරිදි ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධ ව කැරලි ගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මෙසේ අද දවස දක්වා තිබෙන පරිදි ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධ ව කැරලි ගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 10:19
10 හුවමාරු යොමු  

ඔහුගේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව අත්හැර, මාගේ විනිශ්චයවල නොහැසිරෙත් නම්,


අපේ පියවරුන්ගේ දවස්වල පටන් අද දක්වා අපි අතිශයින් වරදකාරයෝව සිට, අපේ අපරාධ නිසා අපිද අපේ රජවරුද අපේ පූජකයෝද අද දවසේ තිබෙන හැටියට දේශවල රජවරුන් අතටත් කඩුවටත් වාල්කමටත් කොල්ලකෑමටත් මුහුණේ ලජ්ජාවටත් පාවාදෙනු ලැබීමුව.


සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්නි, නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.


පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් පෙට්ටියෙන් පිට දේව වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේය; නුමුත් ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වාම එහි තිබේ.


යොර්දාන් මැද ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයන්ගේ පාද තිබුණු තැනද යෝෂුවා ගල් දොළසක් තැබුවේය. ඒවා අද දක්වා එහි තිබේ.


නුඹ එක ලීයක් රැගෙන–යූදාටත් ඔහුගේ සමාගම්කාරයන් වන ඉශ්‍රායෙල් පුත්‍රන්ටත්ය කියා ඒක පිට ලියා, තව ලීයක් රැගෙන–යෝසෙප්ට අයිති එප්‍රායිම්ගේද ඔහුගේ සමාගම්කාරයන් වන මුළු ඉශ්‍රායෙල් වංශයේද ලීයය කියා ඒක පිට ලියා,


ඔව්හු ගිලියද් දේශයෙහි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ළඟට අවුත් කථාකරමින්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්