ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 1:11 - Sinhala Revised Old Version

දෙවියන්වහන්සේ සාලමොන්ට කථාකොට: මේක නුඹේ සිතේ තිබී, නුඹ වස්තුවවත් සම්පත්වත් ගෞරවයවත් නුඹට වෛරවෙන්නන්ගේ ජීවිතවත් ඉල්ලන්නේ නැතුව, දීර්ඝායුසද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාරදුන් මාගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ප්‍රඥාවද දැනගැන්මද ඉල්ලූ නිසා,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දෙවියන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ වස්තුව වත්, සම්පත වත්, ගෞරවය වත්, නුඹට වෛරවන්නන්ගේ ජීවිත වත් ඉල්ලන්නේ නැති ව, දීර්ඝායුෂ ද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාර දෙන ලද මාගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ප්‍රඥාව ද දැනගැන්ම ද ඉල්ලූ නිසා,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දෙවියන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ වස්තුව වත්, සම්පත වත්, ගෞරවය වත්, නුඹට වෛරවන්නන්ගේ ජීවිත වත් ඉල්ලන්නේ නැති ව, දීර්ඝායුෂ ද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාර දෙන ලද මාගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ප්‍රඥාව ද දැනගැන්ම ද ඉල්ලූ නිසා,

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 1:11
15 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ සාලමොන්ගේ සිතේ තබා තිබුණු ඔහුගේ ප්‍රඥාව අසන පිණිස සකල දේශවාසීහු ඔහු වෙතට ආවෝය.


රජු විසින් කළ විනිශ්චය සියලු ඉශ්‍රායෙල්වරු අසා, යුක්තිය සිදුකිරීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක, රජු කෙරෙහි භයවූවෝය.


එහෙත් ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට: මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට නුඹේ සිතේ තිබුණ කල්පනාව හොඳ කාරණයක්මය.


එකල දාවිත් රජ නැගී සිට කථාකොට: මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තැබීමටද අපේ දෙවියන්වහන්සේගේ පාපුටුව කොටද විශ්‍රාම නිවාසයක් ගොඩනගන්ට මාගේ සිතේ තිබුණේය; ඒක ගොඩනැගීමට මා විසින් සූදානම්කරලාත් තිබුණේය.


ප්‍රඥාවත් දැනගැන්මත් නුඹට දුනිමි; තවද නුඹට පළමුවෙන් සිටි කොයි යම් රජකෙනෙකුටවත් නොතිබුණාවූ, නුඹට පසුව කොයි රජ කෙනෙකුටවත් නොලැබෙන තරම් වස්තුවත් සම්පතත් ගෞරවයත් නුඹට දෙන්නෙමියි කීසේක.


බුද්ධිමත් අයගේ ප්‍රඥාව නම් තමාගේ මාර්ගය තේරුම්ගැනීමය; එහෙත් අඥානයන්ගේ මෝඩකම වංචාවය.


මක්නිසාද තමාගේ සිතෙන් ගණන්ගන්නා ලෙසම ඔහු වන්නේය. කන්න බොන්නැයි ඔහු නුඹට කියයි; නුමුත් ඔහුගේ සිත නුඹ සමඟ නැත.


මා කරණකොටගෙන රජවරු රජකම්කරති, ආණ්ඩුකාරයෝද යුක්තිය නියමකරති.


ඒක තිබියදී නුඹටම අයිතිව තිබුණා නොවේද? වික්කායින් පසුත් මිල නුඹේ කැමැත්ත යටතේ තිබුණා නොවේද? නුඹේ සිතින් මෙබඳු දෙයක් යෝජනාකරගන්ට යෙදුණේ කොහොමද? නුඹ බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේටයයි කීවේය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.


නුඹලා අතරෙහි ප්‍රඥාවත්වූ තේරුම්ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා.


නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.


නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.