Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 5:4 - Sinhala Revised Old Version

4 ඒක තිබියදී නුඹටම අයිතිව තිබුණා නොවේද? වික්කායින් පසුත් මිල නුඹේ කැමැත්ත යටතේ තිබුණා නොවේද? නුඹේ සිතින් මෙබඳු දෙයක් යෝජනාකරගන්ට යෙදුණේ කොහොමද? නුඹ බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේටයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 විකුණන්නට පෙර ඉඩම ඔබට ම අයිති ව තිබුණා නොවේ ද? විකුණූ පසු මුදලත් ඔබගේ ම නොවේ ද? එසේ නම්, මේ ක්‍රියාව කිරීමට ඔබේ සිත පෙළඹුණේ කෙසේ ද? ඔබ රැවටුවේ මිනිසුන් නොව, දෙවියන් වහන්සේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 විකිණීමට පෙර ඉඩමේ අයිතිය ඔබේම නො වේ ද? එය විකුණා ලැබුණු මුදලත් ඔබේ මනාපය යටතේ නො වේ ද? මෙහෙම දෙයක් කරන්නට ඔබේ හදවත පෙලඹුණේ කෙසේ ද? ඔබ බොරුකර ඇත්තේ මිනිසුන්ට නො වෙයි; දෙවියන්වහන්සේට” යැයි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 විකුණන්නට පෙර ඉඩම ඔබට ම අයිති ව තිබුණා නොවේ ද? විකුණූ පසු මුදලත් ඔබගේ ම නොවේ ද? එසේ නම්, මේ ක්‍රියාව කිරීමට ඔබේ සිත පෙළඹුණේ කෙසේ ද? ඔබ රැවටුවේ මිනිසුන් නොව, දෙවියන් වහන්සේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 5:4
26 හුවමාරු යොමු  

නුමුත් පේතෘස් කථාකොට: අනනියස්නි, ශුද්ධාත්මයාණන්වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබාගන්ට සාතන් නුඹේ සිත පිරෙවුවේ මක්නිසාද?


තවද ශුද්ධවූ ගෘහයට මා විසින් සූදානම්කර තිබෙන සියල්ල හැර මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි ඇත්තාවූ මාගේ ළැදිකම නිසා මාගේම සම්පත වන රන්ද රිදීද මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දුන්නෙමි.


එබැවින් එපාකරන්නා මනුෂ්‍යයාව නොව තමන්ගේ ශුද්ධාත්මයාණන් නුඹලාට දෙන්නාවූ දෙවියන්වහන්සේව එපා කරන්නේය.


එවිට පේතෘස් ඈට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් පරීක්ෂාකරන්ට නුඹලා එකඟවෙන්ට යෙදුණේ කොහොමද? අන්න, නුඹේ පුරුෂයා වැළලූ අයගේ පාද දොර ළඟය, ඔව්හු නුඹද පිටතට ගෙනයන්නෝයයි ඈට කීවේය.


නුඹලාගේ වචන අසන්නා මාගේ වචන අසයි; නුඹලා එපාකරන්නා මා එපාකරයි; මා එපාකරන්නා මා එවූ තැනන්වහන්සේ එපාකරන්නේයයි කීසේක.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි නුඹේ සිතට කාරණා පහළව, නුඹ නපුරු යෝජනාවක් කරගෙන කථාකොට–


ධර්මිෂ්ඨකමින් හඬගසන කෙනෙක්වත් සැබෑකමින් නඩුකියන කෙනෙක්වත් නැත. ඔව්හු හිස්කම කෙරෙහි විශ්වාසය තබා බොරු කියති; ඔව්හු නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහිකරති.


මක්නිසාද, ස්වාමීනි, ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය.


බලව, ඔහු අයුතුකම ප්‍රසූතකිරීමට වේදනා විඳියි; එසේය, ඔහු නපුරුකම ගැබ්ගෙන, බොරුව ප්‍රසූතකෙළේය.


මාගේ දෙවියන්වහන්ස, ඔබ සිත සෝදිසිකරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබගේ සෙනඟද සතුටු සිතින් ඔබට පූජාකරන බව ප්‍රීතියෙන් දුටිමි.


සෙනඟ එසේ කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීතිවුණෝය, මක්නිසාද ඔව්හු අවංක සිතකින් ස්වාමීන්වහන්සේට පූජාකළෝය. දාවිත් රජද මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණේය.


ඕපීර්හි රන් තලෙන්ත තුන් දහසකුත් පවිත්‍රකළ රිදී තලෙන්ත සත්දහසකුත් එසේ දුන්නෙමි. ඉතින් අද අත්පුරා කැමැත්තෙන්ම ස්වාමීන්වහන්සේට පූජාකරන්නේ කවුදැයි කීවේය.


ස්වාමීන්වහන්සේද: සෙනඟ නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. මක්නිසාද ඔව්හු නුඹ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය.


කරන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවූ සියලුම වැඩවලට යමක් ගෙනෙන්ට සිත් කැමතිකරවනලද්දාවූ සියලු ස්ත්‍රී පුරුෂයෝ ස්වාමීන්වහන්සේ වෙතට ස්වෙච්ඡා පඬුරක් ගෙනාවෝය.


මෝසෙස්: මෙසේ වන්නේ ස්වාමීන්වහන්සේ සවස නුඹලාට කන පිණිස මාංසද උදය සෑහෙන තරම් ආහාරද දෙන විටය; මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කොඳුරන නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද? නුඹලාගේ කෙඳිරීම් අපට විරුද්ධව නොව ස්වාමීන්වහන්සේට විරුද්ධවයයි කීවේය.


එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහිකරන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි.


නුමුත් නුඹේ යහපත්කම බලයෙන් වාගේ නොව නිදහස් කැමැත්තෙන් වන පිණිස, නුඹේ කැමැත්ත නැතුව කිසිත් කරන්ට සතුටුනූණෙමි.


නුමුත් කෑම නිසා දෙවියන්වහන්සේට අප වඩා ප්‍රිය අය වෙන්නේ නැත. නොකෑවාට අප පහත් වෙන්නේවත් කෑවාට අප උතුම් වෙන්නේවත් නැත.


ඔව්හු අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහිකරන්නෝය, ඔවුන්ගේ ගර්භයද ප්‍රයෝගය යොදන්නේයයි කීවේය.


එබැවින් නුඹත් නුඹේ මුළු සමාගමත් ස්වාමීන්වහන්සේට විරුද්ධව රැස්ව සිටිති. නුඹලා විසින් ආරොන්ට විරුද්ධව කොඳුරන්ට ඔහු කවුදැයි කීවේය.


නුඹ වුණ බාරය ගෙවන්න. නුඹ බාරයක්වී නොගෙවා සිටිනවාට වඩා බාරයක් නොවී සිටීම හොඳය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්