එවිට ස්වාමිනි, ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය.
1 සාමුවෙ 7:10 - Sinhala Revised Old Version සාමුවෙල් දවන පූජාව ඔප්පුකරන කල්හිම පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට විරුද්ධව සටනට ළංවූහ. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේ මහත් ශබ්දයකින් පිලිස්තිවරුන් මත්තෙහි ගර්ජනාකොට ඔවුන් විසුරුවා දැමූසේක; ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙහි පැරදුණෝය. Sinhala New Revised Version සාමුවෙල් දවන යාග පූජාව ඔප්පු කරන වේලේ ම පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී පිලිස්තිවරුන්ට විරුද්ධ ව මහ හඬින් ගිගුරුම් දී ඔවුන් වියවුලට පත් කළ සේක. ඔව්හු ඉශ්රායෙල්වරුන් කෙරෙන් පලා ගියහ. Sinhala New Revised Version 2018 සාමුවෙල් දවන යාග පූජාව ඔප්පු කරන වේලේ ම පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී පිලිස්තිවරුන්ට විරුද්ධ ව මහ හඬින් ගිගුරුම් දී ඔවුන් වියවුලට පත් කළ සේක. ඔව්හු ඉශ්රායෙල්වරුන් කෙරෙන් පලා ගියහ. |
එවිට ස්වාමිනි, ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය.
ස්වාමීන්ගේ ශබ්දය ජල මතුයෙහිය මහිමයෙන් යුක්තවූ දෙවියන්වහන්සේ, එනම් ජල රාශි මතුයෙහි වැඩසිටින ස්වාමීන්වහන්සේ ගර්ජනා කරනසේක.
එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹට විරුද්ධව නැගිටින්නාවූ නුඹේ සතුරන් ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙහි පරාජය වෙන්ට සලස්වනසේක. ඔව්හු නුඹට විරුද්ධව එක මගකින් අවුත් සත් මගකින් නුඹ ඉදිරියෙන් පලායන්නෝය.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් කලඹා විසුරුවා දැමූසේක. එබැවින් ඔව්හු මහත් මැරීමකින් ගිබියොන් ළඟදී ඔවුන් නසා, බෙත්-හෝරොන්ට නැගීයන මාර්ගයෙහි ඔවුන් ලුහුබඳවා ගොස්, අසේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහරදුන්නෝය.
එවිට ස්වාමීන්වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථද ඔහුගේ මුළු සේනාවද බාරාක් ඉදිරියෙහි කඩුමුවහතින් කලඹා විසුරුවා දැමූසේක; සිසෙරා තමාගේ රථයෙන් බැස පයින් පලා ගියේය.
ඔව්හු අමුතු දෙවිවරුන් තෝරා ගත්තෝය; එවිට යුද්ධය දොරටුවලට පැමුණුණේය. ඉශ්‍රායෙල්හි සතළිස් දහසක් අතරේ පලිහක්වත් හෙල්ලයක්වත් දකිනුලැබුයේද?
දැන් තිරිඟු කපන කාලය නොවේද? අහස් ගර්ජනාවද වර්ෂාවද එවන ලෙස මම ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නෙමි; රජෙකු ඉල්ලීමෙන් නුඹලා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කළ දුෂ්ටකම මහත් බව එයින් නුඹලා දැන තේරුම් ගන්නවා ඇතැයි කීවේය.
කඳවුරේද එළිමහනේද මුළු සෙනඟ අතරේද වෙවුලුමක් හටගත්තේය; මුර සමුදාවත් කොල්ලකාරයොත් වෙවුලුවෝය. පොළොව කම්පාවිය; මෙසේ ඉතා මහත් වෙවුලුමක් වූයේය.
ස්වාමීන්වහන්සේ සමඟ විවාදකරන්නෝ කැබෙලිකරනු ලබන්නෝය; උන්වහන්සේ අහසෙහි සිට ඔවුන්ට විරුද්ධව ගර්ජනාකරනසේක. ස්වාමීන්වහන්සේ පොළොවේ අන්තයන් විනිශ්චයකරනසේක; උන්වහන්සේ තමන් රජුට බලය දෙනසේක, ස්වකීය අභිෂේකලත් තැනැත්තාගේ අඟ උසස්කරනසේකැයි කීවාය.
ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ මිශ්පායෙන් නික්ම පිලිස්තිවරුන් පස්සේ එළවාගන ගොස් බෙත්-කාර්හි පාවුලට පැමිණෙන තුරු ඔවුන්ට පහරදුන්නෝය.