Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 7:11 - Sinhala Revised Old Version

11 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ මිශ්පායෙන් නික්ම පිලිස්තිවරුන් පස්සේ එළවාගන ගොස් බෙත්-කාර්හි පාවුලට පැමිණෙන තුරු ඔවුන්ට පහරදුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඉශ්රායෙල් ජනයා මිශ්පා නුවරින් නික්ම, පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස්, බෙත්-කාර්ට පැමිණෙන තුරු ඔවුන්ට පහර දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඉශ්රායෙල් ජනයා මිශ්පා නුවරින් නික්ම, පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස්, බෙත්-කාර්ට පැමිණෙන තුරු ඔවුන්ට පහර දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 7:11
3 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් කලඹා විසුරුවා දැමූසේක. එබැවින් ඔව්හු මහත් මැරීමකින් ගිබියොන් ළඟදී ඔවුන් නසා, බෙත්-හෝරොන්ට නැගීයන මාර්ගයෙහි ඔවුන් ලුහුබඳවා ගොස්, අසේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහරදුන්නෝය.


සාමුවෙල් දවන පූජාව ඔප්පුකරන කල්හිම පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට විරුද්ධව සටනට ළංවූහ. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේ මහත් ශබ්දයකින් පිලිස්තිවරුන් මත්තෙහි ගර්ජනාකොට ඔවුන් විසුරුවා දැමූසේක; ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙහි පැරදුණෝය.


එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර් යන නම තැබුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්