ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 3:15 - Sinhala Revised Old Version

සාමුවෙල් පහන්වෙන තුරු නිදාහිඳ, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි දොරවල් ඇරියේය. නුමුත් සාමුවෙල් දර්ශනය ඒලීට දන්වන්ට භයව සිටියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සාමුවෙල් පහන් වන තුරු නිදා හිඳ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරවල් ඇරියේ ය. එහෙත්, සාමුවෙල් තමා දුටු දර්ශනය ඒලීට දන්වන්න බිය ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සාමුවෙල් පහන් වන තුරු නිදා හිඳ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරවල් ඇරියේ ය. එහෙත්, සාමුවෙල් තමා දුටු දර්ශනය ඒලීට දන්වන්න බිය ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 3:15
8 හුවමාරු යොමු  

බෙරෙකියාද එල්කානාද ගිවිසුම් පෙට්ටිය උදෙසා දොරටුපාලයෝව සිටියෝය.


අනේ නුඹලා මාගේ පූජාසනය පිට නිෂ්ඵලලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසාතබන කෙනෙක් නුඹලා අතරේ ඇත්නම් හොඳය! නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත, නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒ දෙදෙනා ඉදිරියට ආවෝය. උන්වහන්සේද: මාගේ වචන අසන්න. නුඹලා අතරෙහි ප්‍රොපේත කෙනෙක් සිටීනම් ස්වාමිවූ මම ඔහුට දර්ශනයකින් ප්‍රකාශවෙන්නෙමි, හීනයකින් මම ඔහුට කථාකරන්නෙමි.


ෂීලෝහිදී ඔවුන් කා බී පසුව හන්නා නැගිට ගියාය. ඒලී පූජකයා ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ උළුවහුකණුව ළඟ තිබුණ තමාගේ ආසනයේ ඉඳගන උන්නේය.


ස්වාමීන්වහන්සේ ඇවිත් සිට වෙන වතාවලදී මෙන්: සාමුවෙල්, සාමුවෙල් කියා හඬගැසූසේක. එවිට සාමුවෙල්: කථාකළ මැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවායයි කීවේය.


එවිට ඒලී: මාගේ පුත්‍රය, සාමුවෙල්යයි කියා සාමුවෙල්ට හඬගැසුවේය. ඔහුද: මම මෙහියයි කීවේය.