Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 3:10 - Sinhala Revised Old Version

10 ස්වාමීන්වහන්සේ ඇවිත් සිට වෙන වතාවලදී මෙන්: සාමුවෙල්, සාමුවෙල් කියා හඬගැසූසේක. එවිට සාමුවෙල්: කථාකළ මැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවායයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, “සාමුවෙල්, සාමුවෙල්,” කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, “කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, “සාමුවෙල්, සාමුවෙල්,” කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, “කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 3:10
8 හුවමාරු යොමු  

ඒ තෙමේද: එසේ නොවෙයි; මම දැන් ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමියි කීවේය. එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාරකොට: මාගේ ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක්දැයි ඇසීය.


දැන් රජ්ජුරුවෝ නුඹලා ඉදිරියෙහි හැසිරෙන්නෝය. මම නම් මහලුය, මාගේ හිසකෙස් පැහී තිබේ; මාගේ පුත්‍රයෝත් නුඹලා සමඟ සිටිති. මම බාල වයසේ පටන් අද දක්වා නුඹලා ඉදිරියෙහි හැසුරුණෙමි.


ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මෙන්න, මම ඉශ්‍රායෙල්හි කාරණයක් කරන්නෙමි, ඒක අසන සියල්ලන්ගේ කන් දෙක ලෙළදෙන්නේය.


සාමුවෙල් පහන්වෙන තුරු නිදාහිඳ, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි දොරවල් ඇරියේය. නුමුත් සාමුවෙල් දර්ශනය ඒලීට දන්වන්ට භයව සිටියේය.


ස්වාමීන්වහන්සේ ෂීලෝහිදී නැවතත් පෙනුණුසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනයෙන් ෂීලෝහි සාමුවෙල්ට එළිදරව්වුණසේක.


ස්වාමීන්වහන්සේ තුන්වෙනි වරත් නැවත සාමුවෙල්ට හඬගැසූසේක. ඔහු නැගිට ඒලී ළඟට ගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. එවිට ස්වාමීන්වහන්සේ ළමයාට හඬගසන බව ඒලී දැනගත්තේය.


එබැවින් ඒලී සාමුවෙල්ට කථාකොට: නුඹ ගොස් නිදාගන්න. නුඹට හඬගැසුවොත්–ස්වාමීන්වහන්ස, කථාකළමැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවාය කියා කියන්නැයි කීවේය. සාමුවෙල් ගොස් තමාගේ ස්ථානයෙහි නිදාගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්