Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 3:15 - Sinhala New Revised Version

15 සාමුවෙල් පහන් වන තුරු නිදා හිඳ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරවල් ඇරියේ ය. එහෙත්, සාමුවෙල් තමා දුටු දර්ශනය ඒලීට දන්වන්න බිය ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සාමුවෙල් පහන් වන තුරු නිදා හිඳ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරවල් ඇරියේ ය. එහෙත්, සාමුවෙල් තමා දුටු දර්ශනය ඒලීට දන්වන්න බිය ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 සාමුවෙල් පහන්වෙන තුරු නිදාහිඳ, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි දොරවල් ඇරියේය. නුමුත් සාමුවෙල් දර්ශනය ඒලීට දන්වන්ට භයව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 3:15
8 හුවමාරු යොමු  

‘අහෝ! මාගේ පූජාසනය පිට නිෂ්ඵල ලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසා තබන එක් කෙනෙකු නුඹලා අතරේ ඇත්නම් කොපමණ හොඳ ද? නුඹලා ගැන මට සතුටක් නැත; නුඹලා ගෙනෙන පූජාවක් මම භාර නොගනිමි.


වරක් ෂිලෝහි දී ඔවුන් කා බී හමාර වූ පසු හන්නා නැඟිට සිටියා ය. ඒලී නම් පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උළුවහු කණුව ළඟ තිබුණු සිය ආසනේ හිඳගෙන සිටියේ ය.


එවිට උන් වහන්සේ කතා කොට, “මා වදනට සවන් දෙන්න; දිවැසිවරු ඔබ අතර සිටිත් නම්, සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශනවලිනි; ඔවුන්ට කතා කරනුයේ සිහිනවලිනි:


එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, “සාමුවෙල්, සාමුවෙල්,” කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, “කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය”යි කීවේ ය.


එවිට ඒලී, “සාමුවෙල්, මාගේ පුත්‍රය,” කියා සාමුවෙල් ඇමතුවේ ය. ඔහු ද, “මම මෙහි ය”යි පිළිතුරු දුන්නේ ය.


බෙරෙකියා ද එල්කානා ද ගිවිසුම් කරඬුව උදෙසා දොරටු පාලකයන් ව සිටියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්