සාමුවෙල්ද: මා යන්නේ කොහොමද? එය සාවුල්ට සැලවුණොත් ඔහු මා මරනවා ඇතැයි කීවේය. ස්වාමීන්වහන්සේද නුඹ වැස්සියක් ගෙනගොස්: මම ස්වාමීන්වහන්සේට පූජා කරන්ට ආවෙමියි කියන්න.
1 සාමුවෙ 20:29 - Sinhala Revised Old Version මට යන්ට අවසර දුන මැනවි; මක්නිසාද ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේය; මාගේ සහෝදරයාද එහි එන්ට මට අණ කෙළේය. එබැවින් නුඹේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේනම් මාගේ සහෝදරයන් දකින පිණිස යන්ට මට අවසර ලැබේවයි කියා සිටියේය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා යයි කීවේය. Sinhala New Revised Version ‘මට යන්න අවසර දුන මැනව; මන්ද, ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේ ය; මාගේ සහෝදරයා ද එහි එන්න මට අණ කෙළේ ය; එබැවින් ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී ඇත්නම්, මාගේ සහෝදරයන් දකින පිණිස මට අවසර ලැබේවා’යි අයැද සිටියේ ය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා ය.” Sinhala New Revised Version 2018 ‘මට යන්න අවසර දුන මැනව; මන්ද, ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේ ය; මාගේ සහෝදරයා ද එහි එන්න මට අණ කෙළේ ය; එබැවින් ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී ඇත්නම්, මාගේ සහෝදරයන් දකින පිණිස මට අවසර ලැබේවා’යි අයැද සිටියේ ය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා ය.” |
සාමුවෙල්ද: මා යන්නේ කොහොමද? එය සාවුල්ට සැලවුණොත් ඔහු මා මරනවා ඇතැයි කීවේය. ස්වාමීන්වහන්සේද නුඹ වැස්සියක් ගෙනගොස්: මම ස්වාමීන්වහන්සේට පූජා කරන්ට ආවෙමියි කියන්න.
ඔහු මිනිසුන්ට කථාකරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරවූ එලියාබ් අසාගෙන සිටියේය; එවිට එලියාබ් දාවිත් කෙරෙහි කෝපවී: නුඹ ආවේ මොකටද? කාන්තාරයෙහි ඉන්න ඒ බැටළුවන් ස්වල්පදෙනා නුඹ කාට භාරදී ආවාද? නුඹේ උඩඟුකමත් සිතේ මුරණ්ඩුකමත් මම දනිමි; නුඹ ආවේ යුද්ධය බලන පිණිසයයි කීවේය.
එවිට සාවුල්ගේ කෝපය යොනාතාන්ට විරුද්ධව ඇවිළ, ඔහු කථාකොට: හිතුවක්කාර කැරළිකාර ස්ත්‍රියකුගේ පුත්‍රය, නුඹට ලජ්ජාවත් නුඹේ මෑණියන්ට ලජ්ජාවත් හා අගෞරවයත් පැමිණෙන ලෙස නුඹ යෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම්ව සිටින බව මම නොදනිම්ද?