Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:30 - Sinhala Revised Old Version

30 එවිට සාවුල්ගේ කෝපය යොනාතාන්ට විරුද්ධව ඇවිළ, ඔහු කථාකොට: හිතුවක්කාර කැරළිකාර ස්ත්‍රියකුගේ පුත්‍රය, නුඹට ලජ්ජාවත් නුඹේ මෑණියන්ට ලජ්ජාවත් හා අගෞරවයත් පැමිණෙන ලෙස නුඹ යෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම්ව සිටින බව මම නොදනිම්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 එවිට සාවුල්ගේ කෝපය ජොනතන්ට විරුද්ධ ව ඇවිළ, “හිතුවක්කාර, අනාචාර ස්ත්‍රියකගේ පුත්‍රය, ඔබ ඔබට ලජ්ජාවත්, ඔබේ මෑණියන්ට ලජ්ජාව හා අගෞරවයත් පැමිණෙන ලෙස ජෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම් ව සිටින බව මා දන්නේ නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 එවිට සාවුල්ගේ කෝපය ජොනතන්ට විරුද්ධ ව ඇවිළ, “හිතුවක්කාර, අනාචාර ස්ත්‍රියකගේ පුත්‍රය, ඔබ ඔබට ලජ්ජාවත්, ඔබේ මෑණියන්ට ලජ්ජාව හා අගෞරවයත් පැමිණෙන ලෙස ජෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම් ව සිටින බව මා දන්නේ නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:30
14 හුවමාරු යොමු  

උඩඟු අහංකාර අයගේ නම නින්දාකරන්නාය, ඔහු අහංකාර මානයෙන් ක්‍රියාකරන්නේය.


පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.


සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.


නුමුත් මම නුඹලාට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයි කියන කවරෙක් නුමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්ට සුදුස්සෙක් වන්නේය, නුඹ ජඩයායයි කියන කවරෙක් නුමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය.


ගලක් බරය, වැලිත් බරය. එහෙත් ඒ දෙකටම වඩා මෝඩයෙකුගේ උරණය බරය.


තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.


අධික තරහකාරයා දඬුවම විඳින්නේය; මක්නිසාද නුඹ ඔහු මිදුවත් නැවත නැවතත් එසේ කරන්ට ඕනෑ වෙයි.


රජුගේ උදහස සිංහයෙකුගේ ගර්ජනාවට සමානය; එහෙත් ඔහුගේ කරුණාව තෘණ පිට පිනි මෙන්ය.


ප්‍රඥාවන්තයන්ගේ දිව දැනගැන්ම හරිලෙස කියාදෙයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම වගුරුවයි.


කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.


මක්නිසාද නොසතුටුභාවය අඥානයා නසන්නේය, ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය.


මට යන්ට අවසර දුන මැනවි; මක්නිසාද ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේය; මාගේ සහෝදරයාද එහි එන්ට මට අණ කෙළේය. එබැවින් නුඹේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේනම් මාගේ සහෝදරයන් දකින පිණිස යන්ට මට අවසර ලැබේවයි කියා සිටියේය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා යයි කීවේය.


මක්නිසාද යෙස්සේගේ පුත්‍රයා භූමිය මතුපිට ජීවත්ව සිටින තුරුම නුඹවත් නුඹේ රජකමවත් ස්ථිරවෙන්නේ නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා ළඟට ගෙන්වන්න, සැබවින් ඔහු මරනු ලබන්නේයයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්