එවිට දාවිත්: නුඹේ පියාණන් නුඹට තදලෙස උත්තර දුන්නොත් මට දන්වන්නේ කවුදැයි යොනාතාන්ගෙන් ඇසුවේය.
1 සාමුවෙ 20:11 - Sinhala Revised Old Version යොනාතාන්ද: එන්න, කෙතට යමුයයි දාවිත්ට කීය. ඔවුන් දෙදෙනා කෙතට ගියෝය. Sinhala New Revised Version ජොනතන් ද, “එන්න අපි කෙතට යමු”යි දාවිත්ට කී ය. ඔවුන් දෙදෙන ම කෙතට ගියහ. Sinhala New Revised Version 2018 ජොනතන් ද, “එන්න අපි කෙතට යමු”යි දාවිත්ට කී ය. ඔවුන් දෙදෙන ම කෙතට ගියහ. |
එවිට දාවිත්: නුඹේ පියාණන් නුඹට තදලෙස උත්තර දුන්නොත් මට දන්වන්නේ කවුදැයි යොනාතාන්ගෙන් ඇසුවේය.
යොනාතාන් දාවිත්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සාක්ෂි වන සේක්වා; හෙටවත් අනිද්දාවත් මේ වේලාවට පමණ මා විසින් මාගේ පියාගේ අදහස සොයාබැලුවාම දාවිත්ට හොඳක් වෙන්ට තිබේනම් නුඹට දන්වන පිණිස මා නුඹට පණිවිඩ එවන්නේ නැද්ද?