1 සාමුවෙ 17:32 - Sinhala Revised Old Version දාවිත් සාවුල්ට කථාකොට: කිසිවෙකුගේ සිත ඔහු නිසා ක්ලාන්ත නොවේවා; ඔබගේ මෙහෙකරුවාවූ මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන්කරමියි කීය. Sinhala New Revised Version දාවිත් සාවුල්ට කතා කොට, “රජතුමෙනි, කිසිවෙකු මේ පිලිස්තියයාට බිය නොවිය යුතු යි. ඔබේ මෙහෙකරුවා වන මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන් කරමි”යි කී ය. Sinhala New Revised Version 2018 දාවිත් සාවුල්ට කතා කොට, “රජතුමෙනි, කිසිවෙකු මේ පිලිස්තියයාට බිය නොවිය යුතු යි. ඔබේ මෙහෙකරුවා වන මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන් කරමි”යි කී ය. |
භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, නුඹලාගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් නුඹලා ගළවනසේකැයි කියන්න.
නුඹ භය නොවී නිශ්චලව සිටින්ට බලාගන්න; දුම්නගින ඒ ගිනිපෙනෙලි දෙකෙළවරවූ රෙශීන් සහ සිරියවරුන්ගෙත් රෙමලියාගේ පුත්‍රයාගෙත් තද කෝපය නිසා නුඹේ සිත දුර්වල නොවේවා.
කාලෙබ් මෝසෙස් ඉදිරියෙහි සෙනඟ නිශ්ශබ්ද කරවා: අපි වහාම නැගී ගොස් ඒක හිමිකර ගනිමු; මක්නිසාද අපට ඒක යටත්කරගන්ට හොඳටම පුළුවනැයි කීය.
ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය.
එබැවින් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී සඳහන් කළ මේ කන්ද මට දුන මැනවි; එහි අනාක්වරුන් සිටින බවද පවුරු ඇති මහත් නුවරවල් තිබෙන බවද නුඹ ඒ දවසේදී ඇසුවෙහිය. ස්වාමීන්වහන්සේ කී ලෙස සමහරවිට උන්වහන්සේ මා සමඟ සිට ඔවුන් එළවන්ට මට පුළුවන්කරනසේකැයි කීවේය.
යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.
එවිට වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් උත්තර දෙමින්: ගායනාකරන්ට දන්නාවූ, බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙකු දුටිමි, ඔහු බලවත් වික්‍රමාන්විත පුරුෂයෙක්ව, යුද්ධකාරයෙක්ව, කථාවෙහි දක්ෂවූ රූපසම්පන්නවූ කෙනෙක්ව සිටියි, ස්වාමීන්වහන්සේත් ඔහු සමඟයයි කීවේය.
දාවිත් කී වචන සැලවූ කල මනුෂ්‍යයෝ සාවුල්ට එපවත් දැන්නුවෝය; සාවුල්ද ඔහු අඬගස්වා හැරියේය.