Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 14:12 - Sinhala Revised Old Version

12 එබැවින් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී සඳහන් කළ මේ කන්ද මට දුන මැනවි; එහි අනාක්වරුන් සිටින බවද පවුරු ඇති මහත් නුවරවල් තිබෙන බවද නුඹ ඒ දවසේදී ඇසුවෙහිය. ස්වාමීන්වහන්සේ කී ලෙස සමහරවිට උන්වහන්සේ මා සමඟ සිට ඔවුන් එළවන්ට මට පුළුවන්කරනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී සඳහන් කළ මේ කඳුකර පළාත මට දුන මැනවි. එහි අනාක්වරුන් සිටින බව ද පවුරු ඇති මහ නගර තිබෙන බව ද ඔබට ඒ දවසේ දී අපි කීවෙමු. සමිඳාණන් වහන්සේ වදාළ පරිදි සමහර විට උන් වහන්සේ මා සමඟ සිටිනු ඇත. එවිට මම ඔවුන් පන්නාදමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී සඳහන් කළ මේ කඳුකර පළාත මට දුන මැනවි. එහි අනාක්වරුන් සිටින බව ද පවුරු ඇති මහ නගර තිබෙන බව ද ඔබට ඒ දවසේ දී අපි කීවෙමු. සමිඳාණන් වහන්සේ වදාළ පරිදි සමහර විට උන් වහන්සේ මා සමඟ සිටිනු ඇත. එවිට මම ඔවුන් පන්නාදමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 14:12
21 හුවමාරු යොමු  

ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත්කළෝය, ධර්මිෂ්ඨකම් කළෝය, පොරොන්දු ලබාගත්තෝය, සිංහයන්ගේ මුඛ පියෙවුවෝය,


මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.


එහි යෝධයන්ගෙන් පැවත එන අනාක්ගේ පුත්‍රයන් වන යෝධයන් දුටිමුව. අප පළඟැටියන් මෙන් අපටම පෙනුණේය, එසේම ඔවුන්ටත් අප පෙනුණේයයි කීවෝය.


එසේවීනුමුත් දේශයෙහි සිටින සෙනඟ බලවත්ය, නුවරවල්ද ප්‍රාකාර සහිතව ඉතා මහත්ය. ඒ ඇරත් අනාක්ගේ පුත්‍රයන් එහි දුටිමුව.


එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?


කාලෙබ් වනාහි අනාක්ගෙන් පැවත ආ ෂේෂයිද අහිමාන්ද තල්මයිද යන අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා එතනින් පන්නා දැමුවේය.


දෙවියන්වහන්සේ කරණකොටගෙන වික්‍රමාන්විතව ක්‍රියාකරන්නෙමුව. මක්නිසාද අපේ එදිරිකාරයන් පාගා දමන්නේ උන්වහන්සේමය.


මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය.


ආසා තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට ස්වාමීන්වහන්ස, බලසම්පන්න අයත් බෙලහීන අයත් අතරේ පිහිට වෙන්ට ඔබ හැර කිසිවෙක් නැත්තේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපට පිහිටවුවමැනව; මක්නිසාද අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබගේ නාමයෙන් මේ සමූහයාට විරුද්ධව ඇවිත් සිටිමුව. ස්වාමීන්වහන්ස, ඔබ අපේ දෙවියන්වහන්සේය; ඔබට විරුද්ධව මනුෂ්‍යයා ජය නොගනීවයි කීවේය.


යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.


මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නුවර දුන්නෝය. එතැනින් ඔහු අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා පන්නාදැමීය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔහුට භය නොවන්න. මක්නිසාද ඔහු හා ඔහුගේ සියලු සෙනඟද ඔහුගේ දේශයද නුඹ අතට පාවාදුනිමි; හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට කළාක්මෙන් නුඹ ඔහුටත් කරන්නෙහියයි කීසේක.


අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය.


ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අසා ඒ ඇසූ වචනවලට උන්වහන්සේ ප්‍රති තර්ජනයක් කරනසේක. එබැවින් තවම ඉතුරුව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පුකරන්නැයි කියන්නේයයි කීවෝය.


එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. දැන් නුඹ යොර්දානෙන් එතරවී, නුඹට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් පන්නා දමන්ටත්, අහස දක්වා පවුරු ඇති මහත් නුවරවල් අල්ලාගන්ටත්,


එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම විනාශකරන ගින්නක්ව නුඹට පෙරටුව යන බව අද දැනගන්න; උන්වහන්සේම ඔවුන් විනාශකරනවා ඇත, උන්වහන්සේම ඔවුන් නුඹ ඉදිරියෙහි යටත්කරදෙනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේ නුඹට කී ලෙස නුඹ ඔවුන් පන්නා ඉක්මනින් නැතිකර දමනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්